Citizen.lk
 

වවුනියාව නගරයම ආවරණය වන පරිද්දෙන් සී.සී.ටීවී කැමරා පද්ධතියක්

වවුනියාව නගරයම ආවරණය වන පරිද්දෙන් සී.සී.ටීවී කැමරා පද්ධතියක් | wawniyawa cctv
Fri 15 December 2017 9:49 am
4,299 views

 


වවුනියාව නගරයේ සිදුවන සොරකම් හා අපරාධ අවම කරගැනීමේ අරමුණින් නගරය පුරා සී.සී.ටීවී කැමරා පද්ධතියක් සවි කිරීමට පොලීසිය හා වෙළෙද සංගමය තීරණය කොට තිබේ.

වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අදහසකට අනුව මේ සදහා වවුනියාව එක්සත් වෙළෙද සංගමය ක්‍රියාත්මක වී සිටියි.

වවුනියාව නගරයේ පසුගිය කාලවකවානුවේදී සිදු වූ සොරකම් කීපයක අපරාධ කරුවන් සොයා ගැනීමට නොහැකිවීමත්, මුස්ලිම් පල්ලිය අසල වෙළෙද සැලක් ගින්නකට හසුවී දැවී ගියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් බවට කතාවක් පැතිර යන නමුත් එහි සැබෑ තත්ත්වය හෙළි නොවීමත් ආදී කරුණු රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

එම තීරණයට වවුනියාව එක්සත් වෙළෙද සංගමය කැමැත්ත පලකොට වවුනියාව නගරයම ආවරණය වන පරිද්දෙන් සී.සී.ටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට වෙළෙහ සංගමය පියවර ගෙන තිබේ

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News