Citizen.lk
 

මේ නත්තලට OPPO වෙතින් අති නවීන සුවිශේෂි F5 6GB

මේ නත්තලට OPPO වෙතින් අති නවීන සුවිශේෂි F5 6GB | oppo new F5 6GB
Wed 13 December 2017 3:53 pm
1,566 views

 

2017 දෙසැම්බර් 02, කොළඹ: මෑතකදී ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට OPPO F5 දුරකථනය හඳුන්වා
දීමෙන් අනතුරුව, තවත් අතිරේක විශේෂාංග රාශියක් සහිත OPPO F5 6Gb දුරකථනයද මෙරටට
හඳුන්වා දීමට OPPO කටයතු කර තිබේ. මෙම කාණ්ඩයේ රු. 64,990 කට මිලදීගත හැකි සහ "red
Edition" ලෙස හැඳින්වෙන විශේෂ මාදිලියකින් පැමිණෙන එකම දුරකථනය වන මෙය විශේෂයෙන්
තරුණ පරපුර ඇතුළුව සමස්ත OPPO දුරකථන ලෝලීන් ඉලක්ක කරගෙන හඳුන්වා දී ඇත.

විශේෂයෙන්ම නත්තල් සමය ඉලක්ක කරගෙන, නත්තලේ ප්‍රමුඛතම වර්ණය වන රතු පැහැයෙන්
යුතුව මෙය වෙළඳපොළට පැමිණේ. මීට අමතරව නත්තල වෙනුවෙන්, ‘නත්තලට හොඳම තෑග්ගක්’
යන තේමාව යටතේ, OPPO සන්නාම තානාපති ඇන්ජලෝ මැතිව්ස් පෙනී සිටින දැන්වීමක් සහිත
වෙළඳ ප‍්‍රවර්ධණ වැඩසටහනක් දියත් කිරීමටද OPPO කටයුතු කර තිබීම විශේෂත්වයකි. නත්තලේ
සතුට දෙගුණ තෙගුණ කිරීම සඳහා අගනා වටිනා ත්‍යාගයක් ලෙස OPPO F5 6Gb දුරකථනයක් තෑගි
දිය හැකි බව මෙයින් ලබාදෙන මූලික පණිවිඩයයි.

‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගන්නා සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව සපුරාලන දුරකථන
හඳුන්වා දීම සම්බන්ධයෙන් අප මෙතෙක් ලැබූ සාර්ථකත්වය නිසා මෙම නව මාදිලිය මෙරටට
හඳුන්වා දීමට අප කටයුතු කළා. OPPO F5 6Gb දුරකථනය සහ එහි ඇතුළත් විශේෂාංග පෙළ මෙරට
තරුණ පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. OPPO Sri Lanka
සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

අලංකාර රතු පැහැති නිමාවකින් පැමිණෙන OPPO F5 6Gb දුරකථනය වැඩි මතක ධාරිතාවක්
(6GB RAM සමග 64 GB ROM) මෙන්ම ක‍්‍රියාකාරීත්වයෙන් වඩාත් ඉහළ ප්‍රොසෙසරයකින් සමන්විත
වේ. මෙහි පෙනුම බෙහෙවින් ආකර්ෂණීය වන අතර මතක ධාරිතාව වැඩි නිසා එය ඉතාමත්
කාර්යක්ෂම ලෙස ක‍්‍රියාකරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News