Citizen.lk
 

හතුරුගේ ඉවත්වීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමට රතු එළියක් - ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම්

 හතුරුගේ ඉවත්වීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමට රතු එළියක් - ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් | Bangladesh team after Hathurusinghe Resign
Mon 11 December 2017 9:31 am
6,496 views

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා. ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්.

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්කළ හොත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල තරග වදින පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වනු ඇති.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් එල්ල වූ බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ එය ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශය ලැබූ දැවැන්ත පරාජයෙන් තහවුරු වූ බවයි. කෙසේ වෙතත් හතුරුසිංහ ඉවත්වීමෙන් පසු කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්කරන්නේ කවුරුන්දැයි බංග්ලාදේශය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැහැ.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News