Citizen.lk
 

ලොවක් නැරඹූ මිස්ටර් ඇට්ලස්හි ලාංකීය නාමය රැන්දූ ලූෂන් බාධක මැද ඇමරිකාවේදී දැක්වූ හපන්කම් - වීඩියෝ

ලොවක් නැරඹූ මිස්ටර් ඇට්ලස්හි ලාංකීය නාමය රැන්දූ ලූෂන් බාධක මැද ඇමරිකාවේදී දැක්වූ හපන්කම් - වීඩියෝ | Lushan 4th Place In America Mister Atlas
Mon 11 December 2017 9:22 am
417 views

ලොව ප්‍රමුඛ පෙලේ කායවර්ධන තරගාවලියක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිස්ටර් ඇට්ලස් තරගය මේ සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණා, ශ්‍රී ලාංකිකයන් අතර අතිශ‍ය කතාබහට ලක්වූ ආසියාවේ කලු සිංහයා ලෙස හැඳින්වෙන ලූෂන් පුෂ්පරාජ්ද මෙම තරගය තරග වැදුණා.

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගෙන්ම එල්ල වු නොයෙකුත් පීඩන හා අපහසුතාවයට පත් කිරීම මැද ලොව ප්‍රමුඛම කාය වර්ධකයන් සමග තරග කළ ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් තරගයේ අවසන් වටයද සුදසුකම් ලැබීම විශේෂත්වයකි. එහිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සිංහ ධජද රැගෙන ලූෂන්ට සහය දැක්වීමට පැමිණ තිබුනි.

මවුබිමේ ආදරය සමග මිස්ටර් ඔලිම්පියා අවසන් තරගයට එලෙසින් ප්‍රවිශ්ඨ වූ ලූෂන් පුෂ්පරාජ් ට අපේක්ෂා වූ ජයග්‍රහනය අවාසනාවන්ත ලෙස මගහැරි ගියේය. ලූෂන් පුෂ්පරාජ්ට හිමිවූයේ තරගයේ සිවුවෙනි ස්ථානයයි, පුංචි ශ්‍රී ලංකාවේ ඉපිද , නිළධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි ලොව හොදම කා‍යවර්ධකයන් පස් දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම මහා ජයග්‍රහනයකි.

තරගය ප්‍රථම අදිය‍ර ජය ගත් ලූෂන් සිය සතුට ප්‍රකාශ කළ අයුරු

 

Latest News

You may also like

Latest Videos