Citizen.lk
 
 

සාකච්ඡා අසාර්ථකයි වර්ජනය අඛණ්ඩව - මගී ජනතාව ගැන සිතා අදයි හෙටයි දුම්රිය 15ක්

සාකච්ඡා අසාර්ථකයි වර්ජනය අඛණ්ඩව - මගී ජනතාව ගැන සිතා අදයි හෙටයි දුම්රිය 15ක් | train strike
Thu 07 December 2017 4:59 pm
146 views

 

අමාත්‍යංශය සමඟ පැවැත් වු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බව ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමය පවසනවා.

එහෙත් කාර්යාලයීය මගී ජනතාව ගැන සිතා අද (07දා) සවස දුම්රිය 15ක් හා හෙට (08දා) උදේ දුම්රිය 15ක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් වර්ජනය නොතකා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් ධාවනය කර තිබෙනවා.

දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් උඩරට මැණිකේ දුම්රියට එතරම් මගීන් සංඛ්‍යාවක් ගමන් කර නොමැති අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියෙන් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් එම දුම්රියේ ගමන් කර ඇත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News