Citizen.lk
 
 

ඇමරිකා ජනපති ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවෙයි -

ඇමරිකා ජනපති ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවෙයි - | Donald Trump’s controversial ‘travel ban’ blocking residents from six Muslim countries will be fully enforced after Supreme
Wed 06 December 2017 9:42 am
3,058 views

මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හයක් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහනම සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි විය.කෙසේ නමුත් එම තහනම එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුකූල දැයි යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම සඳහා එරට පහළ අධිකරණය කටයුතු කරමින් සිටී.

අදාළ තහනම බලපැවැත්වෙන්නේ චැඩ්, ඉරානය, ලිබියාව්, සෝමාලියාව, සිරියාව සහ යේමනය යන රටවලටය.ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ලබා දුන්නේ සංචාරක තහනම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විසින් තෙවන වරට ලබා දෙනු ලැබූ සංශෝධිත නියෝගය සඳහාය.

සංචාරක තහනම අභියෝගයට ලක් කරමින් පහළ අධිකරණය ලබා දුන් වාරණ නියෝග ඉවත් කිරීම සඳහා විනිසුරන් නව දෙනෙකුගෙන් හත් දෙනෙකුගේ අනුමැතිය හිමි වී තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය සම්බන්ධයෙන් පනවා තිබු තහනම තවදුරටත් එලෙසම හැරීමට රූත් බැඩර් ගින්ස්බර්ග් සහ සෝනියා සොටෝමෙයර් යන විනිසුරුවරු ඉඩ ලබාදුන්හ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News