Citizen.lk
 

මගේ අනුමැතිය නෑ - ආයෙත් එන්න කියන්න - ඊයේ මහ රෑ ඉන්දියාවේ යන්න එයාර් පෝට් ගිය එක්දින සංචිතය යලි ගෙදර හරවා යැවූ ඇමතිගේ නියෝගය

මගේ අනුමැතිය නෑ - ආයෙත් එන්න කියන්න - ඊයේ මහ රෑ ඉන්දියාවේ යන්න එයාර් පෝට් ගිය එක්දින සංචිතය යලි ගෙදර හරවා යැවූ ඇමතිගේ නියෝගය | Minister Dayasiri Reject ODI Squad of Sri Lanka
Tue 05 December 2017 2:51 pm
16,712 views

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් 9ක් ආපසු කැඳවීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ අනුමැතිය නොමැතිව එක්දින සංචිතය දිවයිනෙන් පිටත් කර යැවීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු විසින් මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට ලැබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබෙන අතර එක්දින නායක තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල තරංග, අසේල ගුණරත්න, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් 9 දෙනෙක් මෙසේ නැවත නිවෙස් කරා ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම අවස්ථාවේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු ගුවන් යානයේ අසුන් ගෙන තිබූ බවත් දැනගන්නට ලැබෙන අතර තේරීම් කමිටුව විසින් තෝරා පත්කරගන්නා ලද කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වන ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News