Citizen.lk
Citizen News Line
 

පුත්තලමේ වසර ගණනාවක සිට ඉවක් බවක් නොතකා නීති විරෝධිව කල ජාවාරම කොටු වෙයි - ඡායාරූප

පුත්තලමේ වසර ගණනාවක සිට ඉවක් බවක් නොතකා නීති විරෝධිව කල ජාවාරම කොටු වෙයි - ඡායාරූප | walijawarama
Tue 05 December 2017 11:08 am
3,797 views

 

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්තිව් ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ නීති විරෝධි මහා පරිමාණ වැලි ජාවාරමක් පසුගියදා පුත්තලම මූලස්ථාන පොලිස් නිලධාරින් වටලනු ලැබුවා.

වසර ගණනාවක සිට ඉවක් බවක් නොතකා නීති විරෝධිව බලපත්‍ර රහිතව මනල්තිව් මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලැබූ මේ මහා පරිමාණ වැලිජාවාරම සම්බන්ධයෙන් දිගින් දිගමට ප්‍රදේශවාසීන් විසින් කිහිප වතාවක්ම පුත්තලම පොලීසියට තොරතුරු ලබා දීමෙන් අදාල වැටලීම සිදුකල බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අතරින් පාරු 6ක්, පාරු සදහා යොදා ගන්නා යකඩ බැරල් 50ට ආසන්න ප්‍රමාණයක්, සවල් සහ පනිට්ටු ඒ අතර තිබී හමුව ඇති බවත්, අදාළ ස්ථානය වැටලීම් සිදුකරන අවස්ථාවේදී කිසිදු සැකකරුවෙකු එම ස්ථානයේ නොසිට ඇති බවයි පරික්ෂණ පවත්වන පුත්තලම පොලීසිය සදහන් කලේ.

නීති විරෝධි මෙම වැලි ජාවාරම හේතුවෙන් මේ වන විට මී ඔය ආශ්‍රිතව උග්‍ර පාරිසරික ගැටළු රැසක් පැන නැගී ඇති අතර, මී ඔය ස්ථාන කිහිපයකින් මේ වන විට අවහිරවීම නිසාවෙන් ජලය ගලා යාම තාවකාලිකව නතර වී ඇති බවත් සඳහන්.

ඒ හේතුව නිසාවෙන් පවතින වර්ෂාපතනයත් සමග නුදුරේදී ගංවතුර අවධානම් තත්ත්වයක් උද්ගතවීමට ඇති ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News