Citizen.lk
 
 

පුතා ඉපදුනේ අඩු මාසයෙන් වෛද්‍යවරු කීවා එයාගේ ජීවිතය පිළිබඳ ස්ථීරවම කියන්න බැහැ කියලා පුතාව වීදුරු පෙට්ටියක දාලා තිබුණා මම මහ හයියෙන් ඇඬුවා

පුතා ඉපදුනේ අඩු මාසයෙන් වෛද්‍යවරු කීවා එයාගේ ජීවිතය පිළිබඳ ස්ථීරවම කියන්න බැහැ කියලා  පුතාව වීදුරු පෙට්ටියක දාලා තිබුණා මම මහ හයියෙන් ඇඬුවා | vishwa lanka life story
Mon 04 December 2017 4:19 pm
18,517 views

විශ්ව ලංකා කියන්නේ කාලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදන ශිල්පියෙක් , බිරිඳ සහ පුතු එක්ක සතුටින් ජීවිතය ගත කරන විශ්ව ජීවිතයේ ලැබූ අමතක නොවන අත්දැකීම් ගැන සහ කලා ජීවිතයේ ඉදිරි කටයුතු ගැන කියන්නේ මේ විදිහටයි..

විශ්ව ලංකා කියන රංගන ශිල්පියා එහෙමත් නැත්නම් නිවේදකයා ජීවිතයේ අත්විඳපු ලොකුම සතුට මොකක්ද කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ ?
2013.10.26. වැනිදා මගේ පුතා අඛිෙන් ඉපදුණු දවස තමයි මගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වූ දවස.

ඒ සතුට මොන විදියටද සැමරුවේ ?
අප්පච්චියෙක් වුණා නේද කියන හැඟීම නිසා ලොකු ආඩම්බරයක් ඇති වුණා. ඒ වගේම මගේ බිරිඳ දිලුනිකා ගැන තිබුණු ආදරය තව තවත් වැඩි වුණා. එදා දැනුණු සතුට මට වචනයෙන් කියන්න බැරි තරම්.

එතකොට ඔබ ජීවිතේ වැඩියෙන්ම දුක්වූ දවසක් මතකද?
එදාම තමයි

සතුටුම දවස දුක්බරම දවස වුණේ කොහොමද?
පුතා ඉපදුනේ අඩු මාසයෙන්. වෛද්‍යවරු පැවැසුවා එයාගේ ජීවත්වීම පිළිබඳ ස්ථීරවම කියන්න බැහැ කියලා.

ඒ දුක දරාගත්තේ කොහොමද..?
මම රෝහ‍ලේ වාට්ටුවට යද්දී පුතාව වීදුරු පෙට්ටියක දාලා තිබුණා. මම මහ හයියෙන් ඇඬුවා. අඬලා පුතාගේ වීදුරු පෙට්ටිය ළඟ වැඳ වැටිලා කිව්වා “අනේ මගේ පුතේ ඔයාගේ අප්පච්චිව දාලා යන්න එපා කියලා” පුතා මගේ ඉල්ලීම ඉෂ්ට කළා. දැන් නම් එයා අවුරුදු 4ක නීරෝගී දඟ මල්ලක්.

කලා ජීවිතේදීත් ඒ වගේ සතුටුදායක අවස්ථා නැද්ද?
හා හා පුරා ටෙලි නාට්‍යයකට තෝරා ගත්තු දවසේ, චිත්‍රපටයකට තෝරා ගත්තු දවසේ. සම්මානයකට නිර්දේශ වූ දවසේ. රැකියාවේ යම් යම් අවස්ථා ලැබුණාම ගොඩක් සතුටු වුණා. ඒ හැම අවස්ථාවක්ම මට සතුටු දායක අවස්ථා.

එතකොට දුක්බර අවස්ථාත් ඇති ?
මගේ ගම කුලියාපිටිය. දැන්නම් මමයි බිරිඳයි ඉන්නේ කුරුණෑගල, නාරම්මල. ගමෙන් කොළඹ ඇවිත් තමයි මම කලා ජීවිතේයි, වෘත්තීය ජීවිතයයි ගොඩ නගා ගත්තේ. ඒ ගමනෙදී විවිධාකාර පුද්ගලයන් හමුවුණා. මං ඒ අයව විශ්වාස කරන්න ගිහින් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ හැමදේම දුක්බර අත්දැකීම්.

ඒ අතරින් ලොකුම දුකක් දැනුණු අවස්ථාව ?
මම ගමේදී රේස් පැදපු කෙනෙක්. මට ඉස්සර ඉඳන් බයික් පිස්සුව තිබුණා. කොළඹ ආපු මුල්ම කාලයේ එක්තරා පුද්ගලයෙක් මට එයාගේ මෝටර් බයිසිකලය අලෙවි කළා. ඊට පස්සේ ඔහු හදිසියකට කියලා ඒ බයික් එක ඉල්ලාගෙන ගියා. ඒත් එක ආපසු දුන්නේ නැහැ. පස්සේ ඒ පුද්ගලයත් අතුරුදන් වුණා. මට බයික් එකත් නැතිවුණා. සල්ලිත් නැතිවුණා. ඒ වගේ අත්දැකීම් ලබලම දැන් මම වැඩිය යාළුවෝ ආශ්‍රය කරන්නෙත් නැහැ.

මිතුරු ඇසුර සතුටක්. කලා ලෝකයේ බොහෝ අය මිතුරන් වටකරගෙන සතුටින් ජීවිත ගත කරනවා. ඒ සතුට විඳින්නේ නැද්ද?
සම්මාන උළෙලවල්, විවිධ උත්සව, ඒ වගේම යාළුවෝ සෙට් වෙන අවස්ථාවල මම නැහැ. මම බියර් එකක්වත් තොල ගාන්නේ නැති හින්දා ට්‍රිප් එකකටවත් කිසි කෙනෙක් මට එන්න කියන්නේ නැහැ. ආරාධනා ලැබුණත් මම ඒවාට යොදන කාලය ගමේ ගිහින් බිරිඳයි දරුවයි එක්ක ගෙවලා දානවා. ඒක තමයි මගේ සතුට.

විශ්ව විවාහ ජීවිතය තුළ සතුට විඳින බවයි පෙනෙන්නේ. ඒත් අපේ කලා ලෝකේ බොහෝ අය විවාහ ජීවිතවල දුක දරාගන්න බැරුව දික්කසාද වූ පුවත් රැසක් මෑත කාලයේදී අපි දැක්කා?
ගැළපීම් මත, අවබෝධය මත, දෙදෙනාගේ ආදරය මත තමයි විවාහයේ සතුට රැඳිලා තියෙන්නේ. කලා ජීවිතේ මුල් කා‍ලේ මම මානසිකව වැටුණම, මේ හැමදේම අතැරලා දාලා ගමට යන්න හිතුණම, ආර්ථික වශයෙන් වැටුණම මට ශක්තියක් වුණේ මගේ බිරිඳ.

අද මම මෙතන ඉන්නේ මගේ බිරිඳ හින්දා. ඒ හින්දයි මට විවාහ ජීවිතය සතුටක් වෙලා තියෙන්නේ. ඒ සතුට නැතුව නොගැළපීම් තිබිලා නම් විවාහ ජීවිතයම බරක් වුණ අය එයින් මිදෙන්න හිතන්න ඇති. ඒවා ඒ අයගේ ප්‍රශ්න. හැබැයි මම මේ දේ නම් කිව යුතුයි. වර්තමානයේ දික්කසාද වැඩියි. කම්කරුවාගේ ඉඳන් වෛද්‍යවරයා දක්වා දික්කසාද වනවා. ඒත් ජනප්‍රිය අයගේ පෞද්ගලික දේවල් ලෝකය දකිනවා. ඒ හින්දයි දික්කසාද වූ කලාකරුවන් ගැන පුවත් වැඩියෙන් අහන්න ලැබෙන්නේ. අනික ඉතින් Gossip කාරයොයි, page කරන අයයි ඒවා විකුණගෙන කන හින්දා ඒ පුවත්වලට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News