Citizen.lk
Citizen News Line
 

පරදින්න ගිය තරඟය වෙනස් කරමින් පිටිය උණසුම් කළ දික්වැල්ල ගැන කෝලිගෙන් අපූරු වර්ණනාවක් - වීඩියෝ

පරදින්න ගිය තරඟය වෙනස් කරමින් පිටිය උණසුම් කළ දික්වැල්ල ගැන කෝලිගෙන් අපූරු වර්ණනාවක් - වීඩියෝ | Virat Kohli Appreciate Niroshan Dikwella
Thu 23 November 2017 5:06 pm
9,401 views

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක යොවුන් පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉන්දීය නායක විරාත් කෝලිගේ පැසසුමට ලක්ව තිබේ.

නිමාවූ ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනයේදී තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා දික්වැල්ල විවිධ උපක්‍රම අනුගමනය කළ අතර, වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමී, විරාත් කෝලි හා දික්වැල්ල අතර යම් උනසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ මෙන්ම සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේද ඇගයුමට ලක්ව තිබුණි.

‘‘මම ඒ වගේ පෞර්ෂත්වයක් දකින්න කැමැතියි.පිටිය මැදදි ඒ වගේ තරඟකාරිත්වයක් දකින්න මම කැමතියි.ඔහු ඉතා ආඩම්බරයෙන් ඔහුගේ ක්‍රීඩාව ගැන හිතනවා.මෙතෙක් කල් ඔහුගෙන් දුටු දේ වලින් මා පුදුමයට පත්වුණා.අවසාන තරඟාවලියේදීත් මා ඒ දේ දැක්කා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුවිශේෂි සේවයක් කරන්න ඔහුට හොඳ හැකියාවක් තියනවා...‘‘යනුවෙන් හෙට (24) ආරම්භ වන තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවකදි ඉන්දියානු නායකයා පවසා සිටියේය.

‘‘ මේ ගැන අපි ගුවන් යානයේදීත් කතා වුණා.මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයන්න මා ඕනම දෙයක් කරනවා.උනසුම් අවස්ථා ඇතිවනවා.ඒත් ඒවා පිටිය මැදදීම ඒ දේවල් අවසන් වනවා.ඕනෑම ප්‍රතිවාදියෙකුට අප ගරු කරනවා.පුංචි ක්‍රීඩකයෙකු වුවත් ඔහු ආක්‍රමණශීලී වගේම ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක්.එය දිගටම පවත්වගෙන යාම පිලිබඳ ඔහුට ගෞරවය හිමිවිය යුතුයි. ඔහු ශ්‍රීලංකා ක්‍රිකට් වලට හොඳ දේවල් ටිකක් කරයි..‘‘ යනුවෙන්ද ඉන්දියානු නායකයා සඳහන් කරයි.

එම තරඟයේදී පස්වන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 75කට කඩුලු 7ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවූ අතර, තවත් පන්දුවාර කිහිපයක් යොමු කිරීමට අවස්ථාව තිබුණා නම් ඉන්දීය කණ්ඩායමට තරඟය ජයගැනීමේ අවස්ථාවක් පැවිතිණි.

..‘මම හිතන විදියට ඔවුන්ට පන්දුවාර 2 - 3 අහිමි වුණා...‘‘ යනුවෙන් ක්‍රික්බස් වෙබ් අඩවියට දික්වැල්ල පවසා තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

 

Latest News

You may also like

Latest Videos