Citizen.lk
Citizen News Line
 

වාහනේ ඩැමේජ් වුණා නම් පියවර දෙකෙන් ක්ලේම් එක ATM එකෙන්ම ගන්න අලුත් සිස්ටම් එකක්

වාහනේ ඩැමේජ් වුණා නම් පියවර දෙකෙන් ක්ලේම් එක ATM එකෙන්ම ගන්න අලුත් සිස්ටම් එකක් | Vehicle Claim in 2 Steps
Wed 22 November 2017 5:05 pm
5,635 views

මහන්සියෙන් සල්ලි එකතු කරලා ගත්ත වාහනේට අපි හැමෝම ආදරෙයි. ඒ නිසා හැමෝම බලන්නේ තමන්ගේ වාහනේට හොඳ අයිතිකාරයෙක් වෙන්න. ඒ වෙනුවෙන් වාහනේ අලුතින් එකතු කරන සැප පහසු උපාංග වගේම රක්ෂණය කියන්නෙත් නැතුවම බැරි දෙයක්.

වාහනේට පුංචි හරි හීරීමක් වුනොත් ඒ වෙනුවෙන් තමන්ට වියදම් කරන්න වෙන ගාන රක්ෂණයෙන් ඒ වෙලාවෙම ලැබෙනවා නම් හැම වාහන හිමියෙක්ම ඒ ගැන හරිම සතුටු වෙනවා. මොකද සමහර රක්ෂණයන් වල සල්ලි ගන්න ගියාම කන්න ඕනි කට්ට ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ.

ඉතින් මේ හැම ප්‍රශ්නෙකටම සිම්පල් විසඳුමක් හඳුන්වා දෙන්න දැන් ජනශක්ති වාහන රක්ෂණ සැලසුමෙන් අලුත් ක්‍රමයක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. Janashakthi Full Option High Speed Claim නමින් හඳුන්වන මේ ක්‍රමයෙදි රක්ෂණ හිමියාට තමන්ගේ වාහනේ ඩැමේජ් එක අදාල ක්ලේම එක ගන්න දැන් අදාල වෙන්නේ පියවර දෙකයි.

එයින් පළමුවෙනි පියවර විදියට ඔබ කරන්න තියෙන්නෙ වාහනේට සිද්ධවෙලා තියෙන අලාභය ගැන තක්සේරුවක් කරගන්න එක - ඒ කියන්නේ ජනශක්ති එකට දුරකථන ඇමතුමක් දීලා ඔවුන්ගේ තක්සේරුකරු අනතුර සිද්ධ වුණු ස්ථානයට ගෙන්නගෙන තමන්ගේ වාහනේට වෙලා තියෙන අලාභ හානිය කොච්චරද කියන එක තක්සේරු කරගන්න එක. ඊට පස්සේ ඔවුන් එයට වටිනාකමක් ලබා දෙනවා.

ඒ මුදල ලබාගන්න ඔබ කැමතිනම් දෙවන පියවර විදියට කරන්නේ තියෙන්නේ ATM එකකට ගිහින් ඔබේ තක්සේරු වටිනාකම ලබාගන්න එක.

මේ සල්ලි ATM එකෙන් ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය දැන් ඔබට ඇති. ලොකු ලොකු වැඩ කරන්න ඕනි නෑ, තක්සේරු මුදල ලබාගන්න ඔබ කැමති නම් ජනශක්ති එකෙන් ඔබට PIN එකක් ලබා දෙනවා. ජාතික හැදුනුම්පතේ අංකයයි PIN අංකයයි අරගෙන ATM එකට ගිහින් සල්ලි අරගන්න විතරයි තියෙන්නේ.

දවස් ගණන් රස්තියාදුවෙලා පුංචි පුංචි ඩැමේජ් වලටත් රක්ෂණයෙන් සල්ලි ගන්න කට්ට කාපු කාලේ දැන් ඉවරයි. ඔබත් ජනශක්ති රක්ෂණයෙන් මේ විදියට මුදල් අරන් වාහනේ හදාගෙන වාහනේට හොඳ අයිතිකාරයෙක් වෙන්න බලන්න.

 

Latest News

You may also like

Latest Videos