Citizen.lk
Citizen News Line
 

හැමෝම ආදරේ කරන්න ඕනි දික්වැල්ලට, වෙන කාගෙන්වත් ඒ වගේ දෙයක් දැක්කේ නෑ - ෂමී, කෝලි එක්ක පැටලුණු දික්වැල්ලට රසල්ගෙන් මයියාගෙන් ලැබුණු පැසසුම - වීඩියෝ

හැමෝම ආදරේ කරන්න ඕනි දික්වැල්ලට, වෙන කාගෙන්වත් ඒ වගේ දෙයක් දැක්කේ නෑ - ෂමී, කෝලි එක්ක පැටලුණු දික්වැල්ලට රසල්ගෙන් මයියාගෙන් ලැබුණු පැසසුම - වීඩියෝ | Sri Lanka vs India 1st Test Match
Tue 21 November 2017 9:04 am
26,592 views

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ෂමී අතර යම් උනසුම්කාරී තත්වයක් ඇතිවිය.

එහිදි එක් අවස්ථාවක මොහාමඩ් ෂමීගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරන දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් නිවැරදි ලෙස ස්ථානගතව නොවී ඇති බවත්, එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙසත් විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීම ,නායක විරාත් කෝලි,ෂමී සහ දික්වැල්ල අතර මෙම උණසුම් වචන හුවමාරුවට හේතුවිය.

මේ මොහොතේ කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකා පිල අසීරු අවස්තාවක පසු වූ අතර නිරෝෂන් දික්වැල්ල අවස්ථා කිහිපයකදීම තරඟය ප්‍රමාද කිරිමට නිකරුනේ කාලය වැය කකරන බව ඉන්දියානු ක්‍රීඩකයන්ගේ චෝදනාව විය.

එහිදි එක් අවස්ථාවක මොහොමඩ් ෂීම් දික්වැල්ල වෙත ගොස් යමක් පවසන අතර අවසානයේ විනිසුරුවන් හා නායකයන් දෙපළද තත්වය සමනය කිරීම සඳහා සම්බන්ධ විය.

කෙසේ වෙතත් දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ පැසසුමට ලක්වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරන රසල් ආර්නල්ඩ් පවසන්නේ අනෙක් පිතිකරුවන්ගේ එවැනි ආත්ම විශ්වාසයක් හා තරඟයට ප්‍රවිෂ්ට වීමක් නොදුටු බවයි.

මේ අතර මහේල ජයවර්ධනද මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේ පලකර තිබූ අතර එහිදී ඔහුද නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රියාවට සතුට පළකර තිබූ අතර විරාත් කෝලි හටද සුභපැතුම් එක්කර තිබුණා. එයට පිළිතුරු ලබාදුන් කෝලි පවසා තිබුණේ ටෙස්ට් තරඟ හොඳම තරඟ බවත් අනෙක් තරඟයට මුහුණ දීමට සූදානම් වන බවත්ය.

දික්වැල්ලගේ සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News