Citizen.lk
 

අධික වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්වෙයි

අධික වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්වෙයි | jaffna rain
Sat 18 November 2017 11:10 am
367 views

 

දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 3894 අයත් පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්ව බව යාපනය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රදේශයේ නිවාස පහක් පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි 225කට ආසන්න ප්‍රමාණයක් සිදුවී තිබේ.

යාපනය කරවෙට්ටි ග‍්‍රාමසේවා කොට්ඨාසයේ වැඩිපිරිසක් පීඩාවට පත්ව ඇත.

යාපනය ප‍්‍රදේශයේ පවතින කලපුවල ජලමට්ටම ඉහළයෑම හේතුවෙන් වර්ෂාවත් සමඟ ජලගැලීම් තත්ත්වය උද්ගතව බවයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

කයිට්ස් , කරෙයිනගර් ,යාපනය, නල්ලූර් , කෝපායි, සන්දිලිපායි , උඩුවිල් , පේදුරුතුඩුව, තෙලිප්පලෙයි, මරදන්කර්ණි ප‍්‍රදේශයේ ජනතාව මෙම ජලගැලීම් හේතුවෙන් පීඩාවටපත්ව තිබෙනවා.

ආපදා කලමනාකරණ ඒකකය වැඩිදුරටත් පීඩාවට පත්වූවන් සඳහා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශය ලේකම් කාර්යාල හා යුද හමුදාව විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පිසූ ආහාර ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News