Citizen.lk
Citizen News Line
 

දුම්රියේදී ගමන් මල්ල සොරුන් ගැනීම නිසා අසරණ වුන ශ්‍රිපාදය බලන්න ආව ස්පාඤ්ඥය ජාතිකයා අපේම මිනිසුන්ගේ මනුසත්කම නිසා ශ්‍රි පාදය බලන්න ගිය හැටි - Photos

දුම්රියේදී  ගමන් මල්ල  සොරුන් ගැනීම නිසා අසරණ වුන ශ්‍රිපාදය බලන්න ආව ස්පාඤ්ඥය ජාතිකයා අපේම මිනිසුන්ගේ මනුසත්කම නිසා ශ්‍රි පාදය බලන්න ගිය හැටි -  Photos  | sri padaya traveling foreign bag lost
Thu 16 November 2017 2:59 pm
10,442 views

උඩරට මැණිකේ දුමිරියෙන් ඊයේ (14.11) පස්වරු 2.00ට කොළඹ කොටුවේ සිට හැටන් දුමිරිය ස්ථානය දක්වා අවාරේ ශ්‍රිපාද වන්දනාවේ පැමිණී ස්පාඤ්ඥය ජාතිකයෙකුගේ ගමන් මල්ල කිසියමි පුද්ගලයෙකු විසින් දුමිරිය තුලදි සොරා ගෙන ඇති බවට එම ස්පාඤ්ඥ ජාතිකයා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිඛෙනවා.

ෆැරුන්සිස්කෝ ලෝෆෙස් (64) හැවරදි මෙම ස්පාඤ්ඥයේ රජයේ විශ්‍රාමික ගිණී නිවන භටයෙකු වන අතර මීට දින දෙකකට ප්‍රථම ලංකාවට පැමිණ ඇත්තේ දින හයක සංචාරයක් සදහායි. ඔහුගේ පලවන සංචාරය වි ඇත්තේ ශ්‍රිපාද කදුමුදුනට ගොස් ඉර සේවය නැරඔිමයි. උඩරට මැණිකේ දුමිරියේ දෙවන පංතියේ කොළඹ කොටුවෙන් ගමන් ආරමිභ කළ මෙම ස්පාඤඥ ජාතිකයා ඊයේ (14.11) පස්වරු 2.00 ට හැටන් දුමිරිය ස්ථානයට ලගාවෙන අවස්ථාවි දුමිරිය මැදිරියේ රාක්කයක් මත තබා තිබු ඔහුගේ ගමන් මල්ල නැතිවි තිබෙනවා.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඔහු සතු දේශීය හා විදේශිය මුදල් ඔහු සන්තකයේ තිබි තිබෙනවා. හැටන් පොලිසියට පැමිණීල්ලක් කිරිමෙන් පසු හැටන් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යෙවිදියෙකු වශයෙන් කටයුතු කරන චමත් කාවින්ද මහතාගේ සහයෝගය මත හැටන් නගරයෙන් ගමන් මල්ලක් මිළදි ගෙන ඔහුගේ සංචාරය සදහා අවශ්‍ය නිමි ඇදුමි කිහිපයක්ද හැටන් නගරයේ නිමි ඇදුලමි අලෙවි සැලකින් මිළදි ගෙන ඔහුගේ සංචාරය සදහා පිටත්වගොස් තිබෙනවා.

ලංකාවේ නරක මිනිස්සු කිහිපදෙනෙකු අතර හොද මිනිසුන්ද සිටින බව පවසමින් චමත් කාවින්ද මහතාගෙන් සමුගෙන ඔහු හැටන් බස්නැවතුමිපොළෙන් නල්ලතන්නිය දක්වා පිටව ගොස් තිබෙනවා. මෙම සිද්ධිය පිළීබදව හැටන් පොලිසිය පරික‍ෂණ පවත්වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News