Citizen.lk
 
 

යාපනය මහාධිකරණ විනිසුරුවරයා, යුදහමුදාපතිවරයාට නොතෙසි නිකුත් කරයි

යාපනය මහාධිකරණ විනිසුරුවරයා, යුදහමුදාපතිවරයාට නොතෙසි නිකුත් කරයි | mahesh senadeera
Thu 16 November 2017 10:11 am
10,753 views

 

1996 ජූලි මාසයේ දී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදහන්වු පුද්ගලයින් 24 දෙනෙකු සම්බන්ධ  නඩුවිභාගයක් යාපනය මහාධිකරණයේදී ඊයේ 15 විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවලට අදාල සාක්කි ලබාගැනීම පිණිස ලබන ජනවාරි මස 8 වෙනිදා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතා නියෝග කොට තිබේ.


යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින් මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, නීතිපතිවරයා හා නාවට්කුලිය යුද හමුදා කඳවුරේ එවකට අණදෙන නිලධාරියා නම් කර ඇති අතර මේ සියළු දෙනාටම අධිකරණය හමුවේ එදිනට පෙනී සිටින ලෙසද නියෝග කොට ඇත.

නඩු විභාගය කැඳවමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මීට පෙර පවසා ඇත්තේ අදාළ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් කරුණු සොයා බලා මෙම නඩුව කැදවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක අංශ පැවසූවේ තරුණ පිරිසක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් එම අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් නැවත නඩුවක් ගොනු කොට ඇති බවයි.

අතුරුදහන්වීම සම්බන්ධයෙන් 2002 වසරේදී යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කොට පැවති අතර, අදාළ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මූලික නඩු විභාගය 2002 වසරේදී චාවකච්චේරි දිසා අධිකරණයේ පවත්වා තිබෙනවා.

නඩු විභාගය චාවකච්චේරි දිසා අධිකරණයේදී පවත්වාගෙන යන අවස්ථාවේ එවකට යුද
හමුදාපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමක් මත අදාළ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයට මාරුකොට ඇති බවද ආරක්ෂක අංශ පැවසූවා.

නඩුව 2003 වසරේ සිට අනුරාධපුර මහාධිකරණයේ විභාගවුවද කිසිදු නිගමනයක් නොලද බැවින් නීතිඥයින් මාර්ගයෙන් නැවත යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කළ බවද, අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසනවා.‍

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News