Citizen.lk
 
 

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තොගයක් අතුරුදන්

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තොගයක් අතුරුදන් | colombo court
Thu 16 November 2017 9:08 am
11,135 views

 

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (15) මුද්‍රා තබා තිබෙනවා.

එහි දී මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරයේ තිබූ සේප්පුව සහ තවත් කබඩ් කිහිපයකට මෙලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් මුද්‍රා තබනු ලැබුවා.

පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ මෙම රත්තරන් තොගය අතුරුදහන් වීම සම්බන්දයෙන් වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

නිවසක් බිද රුපියල් පන්ලක්ෂ විසි එක්දහසක් වටිනා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය මගින් ඉකුත් මැයි මස 05 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලද බී-73270/4/17 නඩුවට අදාළව පී ආර් 2153/2017 දරන නඩුභාණ්ඩ එම නඩු භාණ්ඩ කාමරයෙන් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා වෙනවා.

අදාළ නඩු භාණ්ඩය ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් ඉකුත් ජුනි මස 12 වැනිදා පී ආර් 2153/2017 දරන අංකය යටතේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරය වෙත භාරදී ඇත.

මෙම නඩුව ලබන ජනවාරි 28 වැනිදා යලි කැදවීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News