Citizen.lk
 
 

තාත්තා ලෙඩ වුණ නිසා කිතුල් කපන්න ගහට නැග්ග දකුණු පළාතේ අපූරු යුවතිය - Photos

තාත්තා ලෙඩ වුණ නිසා කිතුල් කපන්න ගහට නැග්ග දකුණු පළාතේ  අපූරු යුවතිය  - Photos  | kithul tapping young girl
Wed 15 November 2017 12:10 pm
4,371 views

දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ සිටම ඇය කළේ ‘පිරිමි’ වැඩය. සහෝදරයින් සිව් දෙනාම විවිධ රැකියා සොයා ගමෙන් පිටවුවත් ඇය මව්පියන්ට සළකාගෙන ගෙදරම වී සිටියාය.

පසුගිය දා එක් සහෝදරයකු ආවේ නැගණියට සුදසු මනාලයකු ද සිය වැඩ පොළෙන්ම සොයාගෙන ඔහුත් සමගය. නිවසේ සිටියේ රෝගී පියා සහ මව පමණකි. ඔහු මිදුලට බැස වට පිට බැලීය. එවිට දුටුවේ මිදුලට එහායින් වු කිතුල් ගසක සිට රැහැන් පට දිගේ බිමට බසින නංගීය.

යෝජිත මනාලයා ද ඒ දෙස බැලූවෙන් ඔහුට තරු පෙනුණි.‘‘තාත්තා ලෙඩ වුණු නිසා ජොබ් එක මට බාර ගන්න වුණා’’. ඇය කීවේ කිසිදු ලජ්ජාවකින් නොවේ. තම යහලූ යෝජිත මනාලයාත් ඇය දෙස බැලූවේ දැඩි ලෙන්ගතු බවකිනි. ඒ ඇය එතරම්ම රූමත් නිසාලූ. 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News