Citizen.lk
 

යාපනය ජනතාව බියට පත්කරමින් ගතවු දින දෙක ඇතුළත යාපනේ පුද්ගලයන් 12 දෙනෙකුට තියුණු ආයුධ වලින් ප්‍රහාර

යාපනය ජනතාව බියට පත්කරමින් ගතවු දින දෙක ඇතුළත යාපනේ පුද්ගලයන් 12 දෙනෙකුට තියුණු ආයුධ වලින් ප්‍රහාර | jaffna attack
Wed 15 November 2017 11:52 am
5,059 views

 

යාපනය දිස්ත්‍රික්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුනු කල්ලියක් විසින් ඊයේ (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා කොටා පලා යාම හේතුවෙන් යාපනය ජනතාව තුල නැවතත් බියක්හට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

මෙසේ ආයුධ ගත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවටත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද ලැබී තිබීම හේතුවෙන් ජනතාව තුල දැන් දැන් යලි බියක් ඇතිව තිබෙන බවට යාපනයේ ජනතාව කියා සිටියා.

මේ අනුව ඊයේ දින රාත්‍රියේ මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද දින විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු ඊයේ රාත්‍රියේ යතුරු පැදි 5කින් පැමිණි පිරිසක් විසින් කපා දමා පලා ගොස් ඇත.

එසේ මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙක් කපාගෙන ගොස් ඇත.

අනතුරුව කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි තවත් දෙදෙනෙකුට තියුණු ආයුද වලින් කපා අදාල යතුරුපැදි කල්ලිය විසින් පලා ගොස් ඇත.

එමෙන්ම ඊයේ රාත්‍රී 9.30 ට පමණ කොණ්ඩාවිල් බස්නැවතුම් පල ඉදිරිපිටපිහිටි වෙළඳසැලක් ඉදිරිපිට සිටි තවත් නැත්තෙකු මෙලෙස තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් ඇති බවටද යාපනය පොලීසිය කියා සිටියා.


මෙලෙස ආයුධ ගත් පිරිසක් විසින් ස්ථාන කිහිපයකදී පුද්ගලයින් කපා දැමුවද මේ දක්වා
කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇති අතර 13 වනදාද මණිපායි හා කෝපායි පොලිස් වසම්හි පුද්ගලයින් සිව් දෙනෙකු කපා කොටා ඇති බවටද යාපනයේ

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News