Citizen.lk
 
 

හමුදා ඇඳුමින් සැරසුණු අයෙකුගෙන් රාජ්‍ය රූපවාහිනියේ විශේෂ ප්‍රකාශයක් - අගනුවරට උතුරින් වෙඩි හඬ - ජනපතිට විශේෂ ආරක්ෂාවක්

හමුදා ඇඳුමින් සැරසුණු අයෙකුගෙන් රාජ්‍ය රූපවාහිනියේ විශේෂ ප්‍රකාශයක් - අගනුවරට උතුරින් වෙඩි හඬ - ජනපතිට විශේෂ ආරක්ෂාවක් | Zimbabwe army denies military takeover in live address on state TV
Wed 15 November 2017 11:38 am
5,650 views

තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඩ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ නමුත් මෙය හමුදාව ආණ්ඩුව හමුදා බලය අතට ගැනීමක් නොවන බවත් ජනාධිපති මුගාබේ ආරක්ෂිතව සිටින බවත් වාර්තා වනවා. අද (15) අළුයම සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවරට උතුරු පෙදෙසට වන්න පිහිටි නගරබද ප්‍රදේශවලින් දිගින් දිගටම වෙඩි හුවමාරුවල ශබ්ද සහ කාලතුවක්කු ප්‍රහාරවල ශබ්ද ඇසුණු බව ද වාර්තා දැනගන්නට ලැබෙනවා.

හමුදා ඇඳුමින් සැරසුණු නිලධාරියකු යැයි කිවහැකි පුද්ගලයකු රූපවාහිනිය ඔස්සේ රටේ සමාජ ආර්ථික අර්බුද ඇති කරන අපරාධ එරෙහිව කටයුතු කරන පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙන අතර මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ආණ්ඩුවට මෙයින් කිසිදු බලපෑමක් හෝ ආණ්ඩුව මීට සම්බන්ධ නැතැයි දකුණු අප්‍රිකාවේ සිටින සිම්බාබ්වේ නියෝජිත ඉසැක් මොයෝ පවසා තිබෙනවා.

අනූතුන් වියේ පසුවන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම තම මෙහෙයුම අවසන් වූ පසු සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාවේ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ සඳහන්වඇති බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News