Citizen.lk
 
 

රටම කම්පාවට පත්වෙයි - වසර 60කට පසු ඉතාලිය ලෝක කුසලානයෙන් විසිවෙයි - පාපන්දු ශූර නායකයා කඳුළු සලමින් ක්‍රීඩාවෙන් සමුගත්තේ මෙහෙමයි - වීඩියෝ

රටම කම්පාවට පත්වෙයි - වසර 60කට පසු ඉතාලිය ලෝක කුසලානයෙන් විසිවෙයි - පාපන්දු ශූර නායකයා කඳුළු සලමින් ක්‍රීඩාවෙන් සමුගත්තේ මෙහෙමයි - වීඩියෝ | italy world cup cry dis qualify
Wed 15 November 2017 9:31 am
10,506 views

වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබෙනවා. ඒ ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදසුකම් ලැබීමේ තරගය ගෝල 0-0 ක් ලෙසින් අවසන් වීමත් සමගින්.

මේ හේතුවෙන් ස්වීඩන් කණ්ඩායම 2018 දී රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදසුකම් ලැබූ අතර ලෝක කුසලාන පාපන්දු තරග ආරම්භ වූ 1930 තරගාවලියේදී සහ 1958 දී හැරෙන්නට අන් සියලුම අවස්ථාවන්හිදී ඉතාලිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා.

1930 දී ක්‍රීඩා නොකළ නමුත් 1934 දී සහ 1938 දීත් පසුව 1982 දී සහ 2006 දීත් ජූල්ස් රිමේට් කුසලානය තමන් සතුකරගන්නට ඉතාලියානුවෝ සමත් වුණු අතර පසුගිය 13 වනදා පැවති තරගය ජයගත නොහැකි වීමෙන් පසුව කඳුළු පිරි දෙනෙතින් ක්‍රීඩාංගණයෙන් පිටව ගිය ඉතාලි පාපන්දු නායක ගියන්ලුයිජි බෆන් අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන්ද සමුගෙන තිබෙනවා.

වසර 2006 දී ලෝක කුසලාන දිනාගත් නමුත් ඉන් පසුව පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම (2010 සහ 2014) ඉතාලිය පළමු වටයෙන්ම ඉවතට විසිවිය. මෙවර අවසන් කණ්ඩායම් 32 අතරට එක්වීමට නොහැකිවීම ඉතාලි පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ලෙස සැලකෙනවා.

“පසුගිය අවුරුදු 60 පුරාම ඉතාලියේ ක්‍රීඩාව මුහුණ දුන් බරපතළම කඩාවැටීම මෙයයි. ඒත් මේ සම්බන්ධයෙන් පුහුණුකරුවාට විතරක් දෝෂාරෝපණය කරන්න බෑ” යයි රෝමයේ හිටපු නාගරාධිපතිවරයෙක්ද පවසා තිබෙනවා.

ඉතාලි පාපන්දු කණ්ඩායමේ නායක ගියන්ලුයිජි බෆන් පවසන්නේ එය තමන්ගේ පෞද්ගලික පරාජයකට වඩා ජාතික ව්‍යසනයක් බවයි.

මේ අතර ඉතාලි පාපන්දු පිලේ කළමණාකරු ගියාන් පියරෝ මහතා තමන්ගේ අනාගතය පිළිබඳ කල්පනා කරමින් සිටී. “මට මුකුත් හිතාගන්න බෑ. මේක දරාගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙමේ” යයි ඔහු පවසා තිබේ.

තමන්ගේ කණ්ඩායම නොමැතිව මොන හිතකින් ලෝක කුසලාන තරගාවලිය නරඹන්නද යි ඉතාලි වැසියෝ විමසමින් සිටියි.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News