Citizen.lk
 
 

අවුරුදු 30 , 33 වයස් කාලවලදී පරම්පාරාවේ හැමෝම මිය යන මැල්සිරිපුර ඛේදවාචකය නිසා පුංචි දරුවන්ට අත් වී ඇති ඉරණම - Photos

අවුරුදු 30 , 33  වයස් කාලවලදී පරම්පාරාවේ හැමෝම  මිය යන මැල්සිරිපුර ඛේදවාචකය නිසා පුංචි දරුවන්ට අත් වී ඇති ඉරණම - Photos | malsiripura sad story
Tue 14 November 2017 12:15 pm
3,435 views


වයස අවුරුදු 30 සිට 33 දක්වා වයස් කාලවලදී පවුලේ පිරිස මියයෑමේ කතා පුවතක් මැල්සිරිපුර පන්ලියද්ද හැවන තැන්න ගම්මානයෙන් වාර්තා වෙයි.එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් වයස අවුරුදු තිහක් තිස්තුනක් වෙද්දී මියයෑමේ සිද්ධියක් නිසා දරු මුණුබුරන් දැඩි අසරණභාවයට පත් වීමේ සිද්ධියක් ගැන පුවතකි.

මේ සිද්ධිය අනාවරණය වන්නේ පසුගිය දා හදිසි රිය අනතුරකින් මිය ගිය අඹුසැමි යුවළකගේ කුඩා දරුවන් තිදෙනෙකු අවතැන් වීමේ සිද්ධිය පිළිබඳව සොයා බලන්නට ගිය අවස්ථාවේදීය.මේ ගම්මානයේ අක්කා නගෝ දෙදෙනෙක් ජීවත්ව සිට ඇත. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු ද සිට ඇත. හරියටම වයස අවුරුදු 32 හා 33 වෙද්දි හදුනා නොගත් රෝගයකින් හදිසියේ එම අක්කා නගෝ දෙදෙනා මිය යන්නේ සිය දරුවන් කුඩා අවධියේ දී ය.

ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද වයස අවුරුදු 33.හා 32 වෙද්දි මියයාම විශේෂත්වයකි .එම පවුල් දෙකේ මවුපියන් මිය යන්නේ දරුවන් තිදෙනෙකු අවුරුදු 10.8.7 යන වයස්වල පසුවෙද්දිය .පවුල් දෙකේ කුඩා දරුවන් හදාවඩා ගැනීම ඔවුන්ගේ ඥාති පවුලක් විසින් සිදුකර තිබේ.

එම දරුවන් වැඩිමහල් වෙද්දී ඒ තිදෙනා ද විවාහ දිවියට ඇතුළු වී තිබේ.දරුවන් තිදෙනා බැගින් ඔවුන් මෙලොවට බිහිකර ඇත .එක් සහෝදරියකගේ පුතා හරියටම අවුරුදු 33 අවසන් වෙද්දී හදිසි රිය අනතුරකින් මියගොස් දරුවන් තිදෙනෙකු සමග බිරිය අසරණ වී සිටින්නීය.

එසේ මිය ගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය සැමියා සමඟ දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා පිටත්ව යද්දී රිය අනතුරකට භාජනය වී මව සහ පියා එම ස්ථානයේම මිය යෑමත් සමඟ කුඩා දරුවන් තිදෙනෙකු මෙලොව තනිවෙන්න වූහ. එමෙන්ම ඔවුන්ගේ සහෝදරියගේ දියණියගේ සැමියාද හරියටම අවුරුදු 33 පසු වනවා සමඟ රෝගයකින් ඔහුද මිය යෑම විශේෂත්වයකි.එම පවුලද දරුවන් තිදෙනෙකු සමඟ තනිව වීම දෛවයේ සරදමකි.

මේ සිද්ධිය වාර්තා වීමත් සමග අප මුලින්ම ගියේ මවත් පියාත් එකට අවසන් ගමන් ගිය පුංචි මල් කැකුළු 3 හමු වීම සඳහායි. ඔවුන් පදිංචි කුඩා නිවස මේ වන විට දිරාපත් වෙමින් පවතී. ඥාති කිරි අම්මා කෙනෙකුගේ නිවෙසක මේ දරුවන් තිදෙනා ජීවත් වෙති.

ඩී .එම් . දිසානායක බණ්ඩාර (34) සහ එච් .ඒ .එස් .ඒ . නිලනිකා ගයානි ( 32 )යුවළ හදිසි රිය අනතුරකින් මියගොස් ඇත්තේ පසුගිය මාසයේ 13 වෙනි දිනදිය .

මෙම තිදෙනාගේ වයස අවුරුදු දහයක් වූ නිලංක දේශප්‍රිය, වයස අවුරුදු හතක් වූ දෙව්මි සමල්කා, වයස අවුරුදු දෙකහමාරක් වූ නෙතුලි සේහන්සා , සිය මවත් පියාත් නැති සොවින් අසරණව සිටිති.

ඔවුන් දැනට රැකබලාගන්නා ඥාති කිරි අම්මා අප සමග කියා සිටියේ මේ දරුවන්ට ඉන්න හිටින්න තැනක් නොමැති බවත් නිවෙසක් තිබේනම් දරුවන්ගේ අනාගතය සරි කර දීමට තමන්ට හැකි බවත්ය. සිය මවගේ සහ පියාගේ ඡායාරූප පෙන්වමින් මේ පුංචි නොදරුවන් හඬා වැටෙන ආකාරය ද කඩා වැටෙන නිවස ද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

එම නිවසට පේන දුරින් පිහිටා ඇත්තේ තවත් පුංචි නිවහනකි. කටුමැටි ගැසූ එම නිවසේ ජීවත්ව ඇත්තේ රිය අනතුරින් මියගිය නිලනිකා ගයානි ගෙ සොහොයුරායි. ඔහුගේ පවුලට ද පත්ව ඇත්තේ එම ඉරණමය.

2016 අගෝස්තු මස 4වන දින සංජිව ප්‍රසන්න කුමාර වයස අවුරුදු (33 )මහතා හදිසි රිය අනතුරකින් මියගොස් තිබේ. ඇයගේ බිරිඳ දමයන්ති අයිරා කුමාරි (32 ) දියණියන් දෙදෙනා වන සකුණි චේතනා (14 )ලිහිණි විහංගා( 7) මිහින්දි කුමාරි අසරණ ව සිටිති.

එහි වැඩිමහල් දියණිය කියා සිටියේ තමන් කෙසේ හෝ ඉගෙන ගෙන නැගණියන් දෙදෙනාටත් මවටත් නිවෙසක් තනා ගැනීම තම එකම සිහිනය බවයි. එමෙන්ම මෙහි එක් දියණියක් හෘද රෝගයකින් පෙලීම විශේෂත්වයකි. මේ මව තම දරුවන් තිදෙනා ජීවත්කරවීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටින බව අප සමඟ පැවසුවාය.

එම නිවසට මඳ දුරකින් පිහිටා ඇත්තේ ඔවුන්ගේ මිය ගිය ලොකු අම්මගෙ දියණියගේ නිවෙසයි . ඇයගේ ස්වාමි පුරුෂයා වූ පුෂ්පකුමාර දිසානායක ( 32) විය පසුවෙද්දී 2016 නොවැම්බර් 02 දින හදිසි රෝගයකින් මියගොස් තිබේ. පුෂ්ප කුමාර දිසානායකගේ ආදරණීය බිරිය රෝශිනි ප්‍රදීපිකා රත්නායක (32) මලීශා දෙව්මිණි (10 ) නෙත්මල් මිහිරංග (7) නිසල දිල්රංග ( 05) යන දරු පැටවුන් සමගඅද තනි වී සිටිති.

ඉතිරිව සිටින මේ බිරින්දෑවරු දෙදෙනාද වයස අවුරුදු 32 හා 33 වයස්වල පසුවන්නේ දැඩි මානසික පීඩනයක් ද ඇතිවය. මේ පවුලේ ඉතිරිව සිටින වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක මේ සියලු දෙනාගේ දුක සතුට වෙනුවෙන් කැපවී සිටින බව පවුලේ අය අප සමග පැවසූහ. රෝෂිණී හඬා වැටෙමින් කියා සිටියේ තම පවුලේ සියලු දෙනාටම සිදු වෙමින් යන මේ විපත පිළිබඳව දැඩි ලෙස බියකින් පසුවන බවය.

"ඇත්තටම අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මමයි මගේ අයියායි පුංචි කාලෙ ඉඳලම මේ දුක් කන්දරාව විඳිනවා. තවත් ඒ දුක අවසන් වීමක් නෑ. දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටවුනුත් එක්ක මැරි මැරි උපදිනවා.

මගේ සහෝදරියන් දෙදෙනෙකු ගේ දරුවෝ තමයි මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ දරුවනුත් දැන් අසරණ වුණා මගේ සහෝදරියන් දෙදෙනාට සහ එයාලා කසාද බැඳපු අයට හරියටම අවුරුදු 33 වෙද්දී එය පුංචි දරු පැටවුන් දාල ගියා .මගේ අයියා බොහොම අමාරුවෙන් ඒ පුංචි දරුවො ටික ලොකු මහත් කළා. අම්ම නැතිඋණ කියලා අගහිඟ කළේ නෑ. පුළුවන් විදියටකළා . කසාද බන්දලා දුන්නා. ඒ දරුවෝ තුන්දෙනත් එක්ක පවුලෙ දරුවො තුන්දෙනා තුන්දෙනා බැගින් පවුල් දරු පැටව් නවදෙනෙක් හම්බුනා .හරියටම අවුරුදු 33, 32. වෙද්දී අම්මලාට තාත්තලාට වෙච්ච දේ සිදුවෙමින් පවතිනවා. එක පවුලක එක සහෝදරියගේ දියණියත් එයාගේ මහත්තයයි දෙන්නම නැති වුණා. දරු පැටවු තුන් දෙනා අනාථ වුණා .ඒ තුන්දෙනා බලාගන්නෙත් මම. ඒත් එක්කම ඒ අක්කගේ පුතා හදිසියේ රිය අනතුරක් වෙලා මියගියා . එයාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අනිත් අක්කගේ දුව බැඳපු මහත්තයා එකපාරටම ලෙඩක් හැදිලා අවුරුදු තිස්තුනක් වෙනකොටම මිය ගියා . එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අහිංසක දරු පැටව් හය හතර නොදන්න නවදෙනෙක් අනාථ වෙලා.මේ සියලු දෙනාටම පුළුවන් විදියට අපි සලකනවා.

ඇත්තටම මම ඉල්ලා සිටින්නේ මේ පුංචි පැටවුන්ට කවුරුහරි උදව්වක් කරනවා නම් ලොකු දෙයක් ඉන්න හිටින්න තැනක් නෑ .කන්න බොන්න දෙයක් නෑ. ඒ අයට කොහොම හරි අපිට පුළුවන් විදියට තමයි සලකන්නේ ඒ නිසා මේ පැටවුන්ට අඩුම තරමේ ගෙයක් දොරක් වත් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News