Citizen.lk
 
 

" ආයෙමත් එනවාද ලිහිණි පියාපත් අරන් හෝ " මුහුණු පොතේ කවිකාරිය අනුදි නොසිතූ ලෙස සියල්ල හඬවා අවසන් ගමන් යයි - Photos

Sun 12 November 2017 1:42 pm
15,037 views

පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි අනුදි කවුරු අතරත් ජනප්‍රිය වුණේ ඇයගේ අතින් ලියවුණු අපූරු කවි, සහ පොත් නිසයි. ඇයගේ නිර්මාණ මුහුණූ පොතේ සැවොම අතර කතා බහට ලක් වුනා. හැමෝම අනුදිට ආදරය කරන්න පටන් ගත්තා. 

නමුත් අනුදි පසු ගිය කාලේ නොසිතූ ලෙස ස්නායු රෝගයකට ගොඳුරු වුනා අනුදිගේ රෝගය සුව කරන්න ඉන්දියාවට රැගෙන ගියත් ඇයගේ රෝගී තත්වය සුව කර ගැනීමට හැකි වෙලා නෑ නැවතත් ලංකාවට පැමැණි අනුදි ඊයේ ජීවිත ගමනට සමුදීලා තිබුණා. මේ අනුදිගේ මිතුරන් තැබූ ෆෙස් බුක් සටහන් කිහිපයකි

ආයෙමත් එනවාද – ලිහිණි පියාපත් අරන් හෝ………
“අයියේ…ඇඩ්‍රස් එක දෙන්නකෝ”
‘ඇයි නංගි?’
“ඔයාට මගේ පොතක් එවන්න”
‘එපා නංගියෝ, මම සරසවි එකෙන් පොතක් අරගෙන එන්නම් ඔයාව බලන්න. ඒ අපු වෙලාවට මට අත්සනක් දාලා දෙන්න’
හුඟක් කාලෙකට කලින් ඒ කතාබහ ඉවර උනේ ඇය ගෙදරට එන විදියත් කියලා ෆෝන් නම්බර් එකත් දුන්නට පස්සේ. කොහොමහරි ඇයව හමුවෙන්න යන එක මග හැරුනා. ඒත් අපි පුළුවන් වෙලාවට කතා බහ කළා චැට් එකෙන්. මම මේ මුහුණු පොත ඇතුලේ දකින්න කතා බහ කරන්න එකට පින්තුරයක් ගන්න ආසාවෙන් ඉන්න අය අතුරෙන් ඇය එක් කෙනෙක්. ඒ වගේම සහෝදරියක් ගාණට මං හරි ආදරේ කල මට ශක්තියක් වෙච්ච කෙනෙක් එයා.
ඒ අනුදී රන්මුතු නැගණිය….
ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ කෙල්ලෙක්. එන අභියෝග දරාගෙන මුහුණ දෙන අපහසුකම් විඳගෙන ජීවිතය විඳින්න උත්සාහ කල යුවතියක්…
ඒත් අද අහන්න උනේ පපුව පුච්චන කතාවක්…
“අනුදි නැති වෙලා”
ඒ වචන ටික අහනකොට මම උන්නෙත් පිළිකාවක් නිසා මියගිය දෙදරු මවකගේ මෘත දේහය අභිමුව. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් කියල එක පාරටම හිතුනේ. ඒ එක්කම පපුව පිච්චිලා ගියා. මොකද මං හමුවෙන්න ආසාවෙන්ම උන් කෙනෙක්.
ඒත් මම තවමත් ආසාවෙන් ඉන්නේ නුඹ හමුවෙන්න
ඉතින් ලිහිණි පියාපත් අරගෙන හරි
ආපහු එන්න
කොහේදී හෝ යලි හමුවෙන්න
එතකන්
බලන් ඉන්නම්
සුබ ගමන් නැගණිය!!!!!

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News