Citizen.lk
 

Selfie කලාවේ අලුත්ම සාමාජිකයා OPPO F5 හඳුන්වාදෙයි - Photos

Selfie කලාවේ අලුත්ම සාමාජිකයා OPPO F5 හඳුන්වාදෙයි - Photos | Selfie OPPO F5 Launch In Sri Lanka
Fri 10 November 2017 1:40 pm
5,014 views

Selfie කලාවේ පුරෝගාමියා සහ ප්‍රමුඛයා වන OPPO සමාගම විසින් නව OPPO F5 දුරකථනය ඊයේ (08) මෙරටට හඳුන්වාදෙනු ලැබුවා.

එමෙන්ම Selfie Expert and Leader ලෙස නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

OPPO සමාගම හඳුන්වාදුන් දුරකථන අතර FHD සහ Full Screen තිරයක් සහිත ප්‍රථම දුරකථනය මෙය වන බව සඳහන්.

Selfie ඡායාරූප තවත් අලංකාර කිරීමට A. I . Beauty තාක්ෂණයද මෙම දුරකථයෙහි අන්තර්ගත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම දුරකථනය රුපියල් 47,990ක් වැනි මුදලකට ලබන නොවැම්බර් 11 වන දින සිට දිවයින පුරා අලෙවි වෙළඳසැල් වලින් ලාංකේය පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම හඳුන්වාදීමත් සමඟ OPPO සන්නාම තානාපතිනිය ලෙස මෙතෙක් කටයුතු කළ දීපිකා පදුකෝන්ට අමතරව තවත් බොලිවුඩ් සුපිරි තරුවක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රාද සන්නාම තානාපතිවරයෙකු ලෙස එක්වනු ඇති.

OPPO F5 දුරකථනයේ F5 6GB සහ F5 Youth ලෙස නව මාදිලි 2ක් හඳුන්වාදීමට ලබන දෙසැම්බර් මාසයේදී කටයුතු කරන බවයි OPPO සමාගම නිවේදනය කළේ.

දැනට ලොවපුරා විසිරී සිටින මිලියන 20කට අධික තරුණ තරුණියන් පිරිසක් OPPO දුරකථන භාවිත කරන බවට වාර්තා වනවා. මේ අලුතින් වෙළඳපලට නිකුත් වූ OPPO F5 දුරකථනයේ Unboxing වීඩියෝවයි...

 

Latest News

You may also like

Latest Videos