Citizen.lk
 

ඵලදායීතාව, සේවා විශිෂ්ටත්වය සහ නායකත්වය වර්ධනයට ‘Champions Journey’ වැඩසටහන දියත් කරයි

ඵලදායීතාව, සේවා විශිෂ්ටත්වය සහ නායකත්වය වර්ධනයට ‘Champions Journey’ වැඩසටහන දියත් කරයි | Winners of OPPO ‘Champions Journey’ undergo out bound training
Tue 24 October 2017 10:01 am
551 views

දිවයින පුරා විසිරුණු තම විකිණුම් ප‍්‍රවර්ධන නිලධාරින් වෙනුවෙන් Champions Journey නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කිරීමට, ජාත්‍යන්තර ස්මාර්ට්ෆෝන් සමාගමක් වන ධඡුඡුධ මෑතකදී කටයුතු කළේ ය. මාස දෙකක් පුරා පැවති මෙම වැඩසටහනේදී සතිපතා ජයග‍්‍රාහකයන් 172 දෙනෙකු සහ මාසික ජයග‍්‍රාහකයන් 43 දෙනෙකු තෝරාගන්නා ලද අතර මෙම පිරිසට හංවැල්ල, කොස්ගම ප‍්‍රදේශයේ Ché Adventure Park හිදී විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව උදාවිය.

‘‘විකිණුම් ප‍්‍රවර්ධන නිලධාරින්ට මෙවැනි සුහදශීලී තරගයකට අවස්ථාව සලසා දීම මගින් ඔවුන් සාර්ථකත්වය කරා යාමට වැඩි උනන්දුවක් දක්වනු ඇති බව අප කල්පනා කළා. මෙවැනි බාහිර පුහුණු වැඩසටහන් පැවැත්වීම අද වනවිට ව්‍යාපාරික ලෝකයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. මේ ඔස්සේ අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට කණ්ඩායම් හැඟීම වර්ධනය කරගනිමින් සහ තමන් තුළ ඇති සැඟවුණු දක්ෂතා අවදි කරගනිමින් තම වෘත්තීය ගමන් මගේ ඉහළට යාමට හැකියාව ලැබේවි. අපගේ ව්‍යාපාරික කටයුතු වලදී මෙවැනි ගුණාංග වලට කවදත් ප‍්‍රමුඛත්වය හිමිවනවා.

'Champions Journey' වැඩසටහන අපගේ විකිණුම් ප‍්‍රවර්ධන නිලධාරින්ට සිය හැකියාවන් පුළුල් කරගනිමින් අනාගත නායකයන් වීම සඳහා දොරටු විවර කරන වැඩසටහනක් වනු දැකීම අපගේ ඉලක්කයයි.” OPPO Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

මෙම පුහුණු වැඩසටහනට කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම සඳහාම සකස් කරන ලද Flat water rafting, Target shooting, Archery, Cable balancing and Rock trekking වැනි විශේෂ ක‍්‍රියාකාරකම් රැසක් ඇතුළත් විය. ඉහළ ඵලදායීතාව සහ සේවා විශිෂ්ටත්වය යනාදී ගුණාංග මෙන්ම නායකත්වය ගුණාංගද වර්ධනය වන පරිදි මෙම ක‍්‍රියාකාරකම් සැලසුම් කර තිබිණි. Natural River Bath සහ Areal Rope වැනි ක‍්‍රියාකාරකම්ද බොහෝ දෙනාගේ සිත්ගත්තේ ය.

වැඩසටහන අවසානයේදී Weekly Sales Champions’, ‘Monthly Sales Champions සහ Best Achiever of the Champions Journey කාණ්ඩ යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ලද අතර ඔවුන්ට වටිනා පදක්කම් හා සහතිකපත් පිරිනමන ලදි.

‘‘පොදු ඉලක්කයක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැදගත්කම පෙන්වා දීමට මෙම ක‍්‍රීඩාවන් හා ක‍්‍රියාකාරකම් බෙහෙවින් උපකාරී වන බව කියන්නට පුළුවන්. මේ ඔස්සේ පුහුණුවට සහභාගී සියලූම දෙනා තුළ කැපීපෙනෙන වෙනසක් ඇතිවනු අප දුටුවා. ඒ වෙනස ඔවුන්ගේ රාජකාරි කටයුතු වල දියුණුවට පැහැදිලි ලෙස බලපානු ඇති බව අපට විශ්වාසයි.” OPPO Sri Lanka හි පුහුණු සහ ප‍්‍රවර්ධන කටයුතු කළමනාකරු සඳුන් මානගේ මහතා පැවසී ය.

‘Selfie Expert’ ලෙස ප‍්‍රචලිත OPPO දුරකථන මාදිලි අතර F කාණ්ඩයේ මාදිලි වන F1, F1s සහ එම කාණ්ඩයේම ද්විත්ව සෙල්ෆි කැමරා මාදිලි වන F3 සහ F3 Plus ආදිය දැනටමත් මෙරට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ. එමෙන්ම ඉතා කෙටි කාලයක් ඇතුළත දිවයින පුරාම OPPO ප‍්‍රදර්ශනාගාර සහ සේවා මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද සමාගම සමත් විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News