Citizen.lk
 

ලෝකයම අවධානයට යොමු වූ ඇමරිකා හිටපු ජනාධිපතිවරුන් පස් දෙනාගේ අපූරු හමුවීම - Photos

ලෝකයම අවධානයට යොමු  වූ  ඇමරිකා හිටපු ජනාධිපතිවරුන්  පස් දෙනාගේ අපූරු හමුවීම - Photos | One America Appeal Five Former Presidents Gather In Support Of Hurricane
Sun 22 October 2017 7:14 pm
1,837 views

සියරට මුහුණ දුන් මහා ව්‍යසනයක් හමුවේ සියලු දේශපාලන පසමිතුරුකම් ඉවතලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවමාන හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එකට එකමුතුවීම ලෝකය පුරා කතා බහට ලක් වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය දැරූ දේශපාලනඥයන් පස් දෙනෙක් දැනට ජීවතුන් අතර සිටී බලයට පත් අනුපිළිවෙළ අනුව ඔවුහු ජිමී කාටර් ( 1977-81) ජෝර්ජ් බුෂ් -ජ්‍යෙෂ්ඨ ( 1989-93) බිල් ක්ලින්ටන් (1993-2001 ) ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් -කනිෂ්ඨ ( 2001-2009) සහ බරක් ඔබාමා ( 20092017) වෙති.

එම හිටපු ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් තුන් දෙනෙක් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අතර ජෝර්ජ් බුෂ් පිය පුතු දෙදෙනා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරති.දේශපාලන ආකල්ප සහ ප්‍රතිපත්තිමය කවර වෙනස්කම් ඇතත්, ඔවුන් පස්දෙනා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 21) ටෙක්සාස් ජනපදයේ දී එක් වේදිකාවක එකට පෙනී සිටියහ.

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එපරිද්දෙන් එකට එකතු වුණේ පසුගියදා එල්ල වූ 'හාවි' (Hurricanes Harvey ) 'ඉර්මා'(Irma) සහ මරියා (Maria) යන මහා කුණාටු ත්‍රිත්වයෙන් විපතට පත් ජනතාවට ආධාර පිණිස පැවැත්වුන සංගීත සංදර්ශනයක් වෙනුවෙනි.සොයි බැලීම සඳහාය.

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News