Citizen.lk
 
 

පවුලේ සුව දුක් විමසීම සඳහා ජනපති, විද්‍යා දැරියගේ නිවසට - Photos

පවුලේ සුව දුක් විමසීම සඳහා ජනපති, විද්‍යා දැරියගේ නිවසට - Photos  | president maithripala srisena visit vidya  house
Sun 22 October 2017 10:38 am
2,040 views

යාපනයේදී දූෂණය කොට ඝාතනයට කරන ලද විද්‍යා දැරියගේ නිවසට යෑමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මෙහිදී විද්‍යා දැරියගේ මව ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පවුලේ සුව දුක් විමසීම සඳහා නිවසට පැමිණෙන බව ජනාධිපතිවරයා විසින් විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුවක් අනුව ජනපතිවරයා මෙසේ වව්නියාව ප්‍රදේශයේ ඇති නිවසට ගිය බව ජනපති මාධ්‍ය අංශය පැවැසීය.

විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.

විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව විසින් ජනාධිපතිට සිය කෘතඥතාවය පළ කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News