Citizen.lk
 
 

උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට ලිපියක් - ට්‍රම්ප් ගැන අනතුරු අඟවයි!- Photos

උතුරු කොරියාවෙන්  ඔස්ට්‍රේලියාවට ලිපියක් - ට්‍රම්ප් ගැන අනතුරු අඟවයි!- Photos | Australia receives 'unprecedented' letter from North Korea
Sun 22 October 2017 9:22 am
1,778 views

ට්‍රම්ප් පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස බලවත් ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව තමන්ට ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.
උතුරු කොරියාව විනාශ කර දමන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මෙම ලියැවිල්ලෙන් හෙළා දැක තිබෙන බව සඳහන්ය.

මෙම ලිපිය වෙනත් රටවලට ද යවා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය. මෙම ලිපිය හුදෙක් "දෝෂාරෝපණයක්" වුවත්, උතුරු කොරියාව මත යොදා ඇති රාජ්‍යතාන්ත්‍රික පීඩනය ඵලදායී බව ඉන් පැහැදිලි වෙතැයි අගමැති ටර්න්බුල් පවසයි.තනි පිටුවකින් යුත් මෙම ලිපිය එවා ඇත්තේ ඉන්දුනීසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහා ය.

මෙය උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව විසින් ලියන ලද්දක් ලෙස ලිපියේ සඳහන් වෙයි.
"ට්‍රම්ප් පරිපාලනයේ සාහසික සහ ඔළමොට්ටළ ක්‍රියාවන්ගෙන්" අනෙකුත් රාජ්‍යයන් ඉවත් වී සිටින ලෙස මෙම ලිපියෙන් දැඩි ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම එක්සත් ජනපදය වගකිව යුතු "භයංකාර න්‍යෂ්ටික විනාශයක්" සිදුවිය හැකි බව ද එම ලිපියෙන් නැවත සිහිපත් කර ඇත.
අගමැති ටර්න්බුල් කියා සිටියේ "ජපානයට, දකුණු කොරියාවට සහ ඇමරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින්" උතුරු කොරියාව උණසුම් වාතාවරණයක් බිහිකර ඇති බවය.

චක්‍රලේඛයක් ලෙසින් මෙම ලිපිය තවත් රටවල් බොහොමයකට යවා ඇති බව ඔස්ට්‍රේලියාවේ 3AW ගුවන්විදුලි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති ටර්න්බුල් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News