Citizen.lk
 

අද සිට වෙළෙන්දන්ටත් සහල් බෙදන ලංකා සතොසේ මිල ගණන් මෙන්න

අද සිට වෙළෙන්දන්ටත් සහල් බෙදන ලංකා සතොසේ මිල ගණන් මෙන්න | sathosan
Fri 20 October 2017 10:56 am
9,931 views

 

ලංකා සතොස මඟින් සහල් සහන මිල ගණන් යටතේ ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙන්දන්ට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සහල් වර්ග 4ක් ලංකා සතොස, සතොස තොග ‍මධ්‍යස්ථාන හා සතොස අලෙවිසල් ජාලය මඟින් බෙදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.


සුදු කැකුළු සහල් කිලෝව රුපියල් 64, නාඩු රුපියල් 73, කැඩුණු සහල් රුපියල් 60 සහ සම්බා රුපියල් 83 වශයෙන් සහන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතයි.

මෙම සහනය කොළඹින් පිට ග්‍රාමීය පාරිභෝගිකයාටත් ලබා දීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක වෙළෙඳ සංගම් සමඟ සාකච්ඡා කර වෙළෙන්දන්ට අවශ්‍ය සහල් ප්‍රමාණ කොපමණදැයි සොයා බලා වාර්තා කරන ලෙස ලංකා සතොස ශාඛා කළමනාකරුවන් සහ ප්‍රාදේශීය කළමනාකරුවන්ට දැනුම්දී ඇති බව ලංකා සතොස සභාපති ආචාර්ය නීතීඥ ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News