Citizen.lk
 
 

කොන්ද පණ තියෙන පිතිකරුවො ටිකක් මේ කාමරය ඇතුළෙන් හොයා ගන්න ඕනෑ - ජය පිපාසිත පුහුණුකරු නික් ඇතුලෙදි කීව සැර කතාව

කොන්ද පණ තියෙන පිතිකරුවො ටිකක් මේ කාමරය ඇතුළෙන් හොයා ගන්න ඕනෑ - ජය පිපාසිත පුහුණුකරු නික් ඇතුලෙදි කීව සැර කතාව | Nick pothas speaks about Sri Lanka Team
Fri 20 October 2017 9:29 am
7,350 views

පරාජයෙන් බේරෙන්නට ශ්‍රී ලංකා පිල අද (20) පකිස්ථානය සමඟින් 4වන තරඟයට මුහුණ දෙනවා. ක්‍රිකට් පිලේ ආරංචි මාර්ග ඔස්සේ මේ වන විට වාර්තා වන්නේ තරගාවලියේ ඉරණම විසඳුනු තුන්වැනි තරගයෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් මහතා කියා ඇත්තේ “මොකක් හරි දෙයක් ඉක්මනටම කරන්න ඕනා” යැයි දැනගන්න ලැබේ.

තරඟ 3ක පරාජයෙන් පසු ඉතිරි තරඟ 2 ජයගෙන ජාමය බේරාගන්නට ශ්‍රී ලංකා පිල මේ වන විට සූදානම්ව සිටින අතර
ලැජ්ජා සහගත ලෙසින් පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ හිස් බිමට නමාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙස් දෙවොල් තැබූ නික් පොතාස් මහතා කීවේ “කොන්ද පණ තියෙන පිතිකරුවන් කිහිප දෙනෙක් මේ කාමරය ඇතුළෙන් සොයා ගන්න ඕනෑ” බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ වන විටත් පිට පිටම එක්දින තරග 10 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෝ තරගයෙන් පසුව පුහුණුකරු නික් පොතාස් මහතාගෙන් මදියි නොකියන්නටම බැණුම් අසා තිබුණි.

“අපට ඕනෑ තරම් රැස්වීම් තියන්න පුළුවන්. ඕනෑ තරම් පුහුණුවීම් කරන්න පුළුවන්. ඒත් මේ හතරේ සීමාවෙන් ඇතුළට ගියාට පස්සේ මීට වඩා සටන්කාමීත්වයක් පෙන්නුම් කරන්න ඕනෑ”

“ඒක අමාරුයි තමා. මට පිළිගන්න පුළුවන් අපි ඒ අමාරු තත්ත්වයට මුහුණ දෙනවා කියලා. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ අපි එකම දේට මුහුණ දෙනවා. එකම දේ සිද්ධ වෙනවා. මොකක් හරි දෙයක් ඉක්මනටම වෙන්න ඕනා” යයි නික් පොතාස් මහතා බදාදා පැවැති තරගයෙන් පසුව පවසා තිබුණි.

“මා බලාපොරොත්තු වෙනවා මොකක් හරි වෙනසක් වේවි කියලා. මට ඕනෑ කරන්නේ ධෛර්යය ඇති ක්‍රීඩකයන් සමග මේ ගමන යන්නයි...අපි තේරීම් කමිටුවත් එක්ක කතා කරලා කොන්ද පණ තියෙන පිතිකරුවන් කිහිප දෙනෙක් මේ කාමරය ඇතුළෙන් සොයා ගන්න ඕනෑ”

“ටෙස්ට් තරගාවලියෙදි මොකක්ද වුණේ කියලා අපි දැක්කා. ධෛර්යවන්ත ක්‍රීඩකයන් සිටිනවා නම් අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා. මේ වෙලාවේ මේ කතාව කියන එක ටිකක් සැර වැඩි වෙන්න පුළුවන්. සමහර විට මා ඒ දේ මේ කණ්ඩායමෙන් දැකලා නැතිව ඇති” යයිද පොතාස් වැඩිදුරටත් පවසා තිබුණි.ක

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News