Citizen.lk
 
 

යානය අපේ පාලනයෙන් මිදුනා - චීනය කලින්ම දැනුම් දීලා, ගාල්ලට කඩා වැටුණේ අභ්‍යවකාශ යානයක් ?

යානය අපේ පාලනයෙන් මිදුනා - චීනය කලින්ම දැනුම් දීලා, ගාල්ලට කඩා වැටුණේ අභ්‍යවකාශ යානයක් ? | Arthur C. Clarke Centre calls for asteroid footages
Fri 20 October 2017 8:38 am
12,698 views

පසුගියදා දකුණු ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක්‌ නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ මියෑන්ගොන් අභ්‍යවකාශ යානාවක්‌ බවට සැක පහළ වී ඇතැයි වාර්තා වෙනවා.

මෙම යානය 2017 ඔක්‌තෝබර් සහ 2018 අප්‍රේල් පෘථිවියට කඩා වැටෙන බව චීන අභ්‍යවකාශ බලධාරීන් එක්‌සත්ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණු අතර මෙම අභ්‍යවකාශ යානාව තම පාලනයෙන් මිදී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණා.

ටොන් 8 ක්‌ බරැති මෙම අභ්‍යවකාශ යානාව පෘථිවියට එනවිට එහි කිලෝ 100 ක්‌වූ කැබලි බවට පත්වන බවද ඔවුන් පවසා තිබෙන අතර එය කඩාවැටෙන්නේ කුමන ස්ථානයටදැයි චීන අභ්‍යාවකාශ බලධාරීන් නිශ්චිතවම පවසා තිබුණේ නැහැ.

මෙයට පෙර ඇමෙරිකානු නාසා ආයතනය යෑවූ ටොන් 70 ක්‌ බර ස්‌කයිලැබ් අභ්‍යවකාශ යානාව ඔස්‌ට්‍රේලියාවට ද රුසියාව උඩුගුවනට යෑවූ කොස්‌මෝස්‌ යානාව ඇෆ්ගනිස්‌ථානයට ද කඩා වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාව බවට චීනය මෙතෙක්‌ තහවුරු කර නැති අතර එය උල්කාපාතයක්‌ බවට ද ඇතැමුන් පවසා තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News