Citizen.lk
Citizen News Line
 

හේමාස් වෙතින් මදුරුවන්ගෙන් ආරක්ෂාවට Mosguard

හේමාස් වෙතින් මදුරුවන්ගෙන් ආරක්ෂාවට Mosguard  | Hemas Manufacturing Launches Safe and Natural Mosguard Lotion
Mon 16 October 2017 5:59 pm
867 views

මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇති මදුරු උවදුරෙන් ගැලවීම සඳහා ස්වාභාවික ශාකසාර අඩංගු ආලේපනයක් ලෙස Mosguard නමින් විශේෂ ලෝෂන් වර්ගයක් හඳුන්වා දීමට හේමාස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම [Hemas Manufacturing (Pvt) Ltd] කටයුතු කර තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ . 'Colombo Science and Technology Cell' සමග එක්වී නිර්මාණය කර ඇති මෙය කෘත්‍රිම කෘමි විකර්ශක ද්‍රව්‍ය රහිත, නොඇලෙනසුලූ ලෝෂන් වර්ගයකි.

ස්වාභාවික අමුද්‍රව්‍ය අන්තර්ගත කර ඇති මෙය සුරක්ෂිත ආලේපනයක් වන අතර මදුරු උවදුරින් ප්‍රවේශම් වීමට සුදසුම විසඳුමක්ද වේ. හේමාස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම යනු වෙල්වට්, කුමාරිකා, බේබි ෂෙරමි සහ ක්ලෝගාඩ් වැනි ජනප්‍රිය වෙළඳනාම සමගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ විශ්වාසය දිනූ සමාගමකි.

දරුවන් බොහෝ විට මදුරු කරදරයෙන් පීඩා විඳින නමුත් කෘත්‍රිම කෘමි විකර්ශක වල ඇති රසායනික ද්‍රව්‍ය අඩංගු අනෙකුත් අලේපන දරුවන්ගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති වේ යයි බියෙන් මවුවරු මෙම නිෂ්පාදන ආලේප කිරීමට කැමැත්තක් නොදක්වති.

Mosguard හඳුන්වා දී ඇත්තේ එවැනි මවුවරුන්ට විශ්වාසනීය විසඳුමක් ලබාදීමේ අරමුනි. ස්වභාවික අමුද්‍රව්‍ය සහිත Mosguard සමේ අසාත්මිකතා ඇති නොකරන සංයෝගයක් බව ඉන්දියාවේ මුම්බායි හි Mascot Spincontrol සායනික පර්යේෂණ මධ්‍යස්ථානය මගින් තහවුරු කර තිබේ. තවද සාමාන්‍යයෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට භාවිතා කරන අලේපන වර්ග වල ඇති .'DEET නම් කෘත්‍රිම රසායන ද්‍රව්‍යය ඵදිටම්රා ආලේපනයේ අඩංගු වී නැත.

කරාබු නැටි සහ ලෙමන් යුකැලිප්ටස් ශාක සාරයන්ගේන් ලබාගත් ස්වාභාවික සංඝටක සංයෝග කර Mosguard නිපදවා තිබේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කළ පර්යේෂණ වලට අනුව මෙම සංයෝගය පැය 6 ක් දක්වා ක්‍රියාකාරීව පවතින බව තහවුරු වී ඇත. ග්‍රෑම් 100 බෝතල් ලෙස මිලදීගත හැකි Mosguard කෙනෙකුට මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා තම සිරුරේ නිරාවරණය වී ඇති තැන්වල විශ්වාසයෙන් යුතුව ආලේප කළ හැකි වේ.

ගෙදරදොර භාවිතා වන ජනප්‍රිය නිෂ්පාදන නිපදවන සමාගමක් ලෙස ප්‍රසිද්ධ හේමාස් සමාගම සමග එක්වී මෙවැනි ආලේපනයක් නිර්මාණය කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. රටට ස්වභාවිකත්වය මුල් කරගත්, සුරක්ෂිත නිෂ්පාදන අවශ්‍ය වී ඇති අද වැනි යුගයක මෙවැනි නිෂ්පාදනයක් නිපදවීම සඳහා එම සමාගම දැරූ උත්සාහය හා උනන්දුව අප අගය කළ යුතුයි. මේ වනවිට The Colombo Science and Technology Cell හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කැපීපෙනෙන දියුණුවක් අත්පත් කරගනිමින් සිටිනවා. මේ නව නිෂ්පාදනය ඊට මනා සාක්ෂියක් ලෙස පෙන්වා දීමට පුළුවන්. Mosguard යනු සැබැවින්ම ජනතාවට මදුරු කරදරයෙන් ඈත් වී සිටීමට ඇති හොඳම විසඳුමක්˜ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය බී. ජී. කේ. පෙරේරා මහත්මිය :කණ්ඩායම් නායිකා, විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය- පැවසුවාය.

මෙවැනි නිෂ්පාදනයක් හඳුන්වා දීම සඳහා තම දැනුම, පළපුරුද්ද සහ පර්යේෂණ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අප කොළඹ විශ්ව විද්‍යාලයේ Colombo Science and Technology Cell වෙත අපගේ ස්තූතිය පළකර සිටිනවා. ඩෙංගු සහ වෙනත් රෝග වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අද වැනි කාලයක Mosguard හඳුන්වා දීම ඇත්ත වශයෙන්ම සමාජය මුහුණ දෙන ගැටලූවක් සඳහා සාර්ථක විසඳුමක් ලබාදීමක් ලෙස හැඳින්වීම පුළුවන්. හේමාස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝයි ජෝසෆ් මහතා අවධාරණය කළේ ය.

Hemas මැනුෆැක්චරින් යනු කවදත් නිර්මාණශීලී නව නිෂ්පාදන හඳුන්වා දීමට උත්සහ කරන සමාගමක්. මෙහි තවත් පියවරක් ලෙස හානිකර කෘත්‍රිම කෘමි විකර්ශක ද්‍රව්‍ය වලින් තොර, සුරක්ෂිත ආලේපනයක් වන Mosguard හඳුන්වා දීමට අප කටයුතු කළා. මදුරුවන්ට බියෙන් තම එදිනෙදා කටයුතු සීමා කිරීමට අකැමති වැඩිහිටියන් හා දරුවන්ට මෙය කදිම විසඳුමක් වේවි. මෙය ඔවුන්ට විශ්වාසය සහ ආරක්ෂාව පෙරදැරිව මදුරු කරදරයෙන් ආරක්ෂා වීමට අවස්ථාව සලසා දෙනවා. Mosguard නිර්මාණය කිරීමට අප හා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට අපගේ ස්තූතිය හිමි විය යුතුයි

.මෙම අලේපනයේ ක්‍රියාකාරී බව විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇති බවත්, එහි හානිකර කෘත්‍රිම කෘමි විකර්ශක අඩංගු නොමැති බවත් දැනගැනීම ජනතාවගේ විශ්වාසය ඉහළ නංවන කරුණු වේවි. හේමාස් සමාගම දිනා ඇති විශ්වාසය සහ කොළඹ විශ්ව විද්‍යාලය සතු පිළිගැනීම එක්වූ විට ඵදිටම්රා ආලේපනය ඉදිරියේදී මෙරට පාරිභෝගිකයන්ගේ පළමු තේරීම වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ Hemas මැනුෆැක්චරින් සමාගමේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා සංවර්ධන) දිමුතු ජයසිංහ මහතා පැවසී ය.

 මෙරට පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Hemas මැනුෆැක්චරින් සමාගම Hemas Holdings PLC සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වේ. හේමාස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ ප්‍රධාන නිපැයුම් කම්හලට ISO 9001 තත්ව සහතිකය හිමි වී ඇත. හේමාස් සමූහ ව්‍යාපාරය මේ වනවිට බෙහෙවින් පුළුල් වී ඇති අතර සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ, ප්‍රවාහන සහ සංචාරක සේවා වැනි ක්ෂේත්‍ර රැසකට එය ව්‍යාප්ත වී තිබේ.

 

 

 

Latest News

You may also like

Latest Videos