Citizen.lk
 
 

ටෙස්ට් සෙල්ලම් කළ 13 දෙනාගෙන් 7ක්ම ටීම් එකේ නෑ - ඇන්ජි, මාලිත් නෑ - තරංගගේ නායකත්වයෙන් වැලි කතරේ ජය සොයන්න සිංහයින් අද පිටියේ

ටෙස්ට් සෙල්ලම් කළ 13 දෙනාගෙන් 7ක්ම ටීම් එකේ නෑ - ඇන්ජි, මාලිත් නෑ - තරංගගේ නායකත්වයෙන් වැලි කතරේ ජය සොයන්න සිංහයින් අද පිටියේ | Sri Lanka vs Pakistan 1st ODI
Fri 13 October 2017 2:57 pm
157 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථානය සමඟින් පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (13) පැවැත්වෙනවා. පකිස්ථානය සමඟින් ටෙස්ට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනාගෙන් 7 දෙනෙකුම එක්දින සංචිතයේ නොමැතිවීම විශේෂත්වයක් වන අතර ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමට එක්කර නොමැති වීම කාගෙත් අවධානයට ලක්ව තිබුණා.

අසේල ගුණරත්නත් තවම සිටින්නේ තුවාල ලත් ලයිස්තුවේය. එහෙත් ශ්‍රී ලංකා එක්දින පිලට එපාවී සිටි දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

මැයි මාසයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරයන් වූ නමුත් එක්දින ශ්‍රේණිගත කිරීම් අතර පාකිස්තානුවන්ට හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානයයි. එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටින ශ්‍රී ලංකා පිල දැනට පත්ව සිටින්නේ අගාධයේ මෙතෙක් වැටුණු ගැඹුරුම තැනය. මේ වන විට ප්‍රසාද ලකුණු 86 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම යන්තමින් හෝ තරගාවලිය ජයගතහොත් ප්‍රසාද ලකුණු වැඩිකරගැනීමේ අවස්ථාවක් තිබේ. මෙය උපුල් තරංග ඇතුළු පිරිසට අලුත් බලාපොරොත්තුවකි.

දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.


පාකිස්තානු සංචිතය :

සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අහමඞ් ශෙෂාඞ්, ෆකර් සමාන්, මොහොමඞ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසීම්, සදාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලි, උස්මන් ෂින්වාරි, රුමාන් රයීස්, ජුනයිඞ් ඛාන්, හාරිස් සොහේල් සහ ඉමාම් උල් හක්

ශ්‍රී ලංකා සංචිතය :

උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x