Citizen.lk
Citizen News Line
 

මහින්දානන්ද අලුත්ගමගේ හා කුමාර වෙල්ගම සංවිධායක ධුරවලින් ඉවතට අත්තනගල්ල සංවිධායකවරිය ලෙස හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට

මහින්දානන්ද අලුත්ගමගේ හා කුමාර වෙල්ගම සංවිධායක ධුරවලින් ඉවතට  අත්තනගල්ල  සංවිධායකවරිය ලෙස හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට | mahindananda
Fri 13 October 2017 10:10 am
7,345 views

 

වාහාම ක්‍රියාත්මක වන පරිදි නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර ඇත.

ඔවුහු ඊයේ රාත්‍රීයේ දී ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබා දී තිබෙනවා.

හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් ආසන සංවිධායකයින් කීප දෙනෙක් ම ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා විසින් පත් කළ බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News