Citizen.lk
 
 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණසුම් තත්ත්වයක් - දුම්රිය හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක - ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයක - Photos & Video

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණසුම් තත්ත්වයක් - දුම්රිය හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක - ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයක - Photos & Video | dumriya strike
Wed 11 October 2017 11:18 pm
26,084 views

 

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු සංගමය පවසනවා. ඒ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමිනුයි.

දුම්රිය රියදුරු සංගමය ආරම්භ කළ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් අද පස්වරුවේ අවලංගු කෙරුණා.

එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණසුම් තත්ත්වයක් ඇති වු අතර, මරදාන දුම්රියපොළේ ද මෙවැනිම තත්ත්වයක් ඇති වූ බවටයි වාර්තා වන්නේ.

රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට වුණා. මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය දක්වා තිබෙනවා.


මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ කොටුව හා මරදාන දුම්රියපොළවලට පැමිණි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x