Citizen.lk
 
 

වේගවත් ක්‍රියාකාරී සහ කාර්යක්ෂම OPPO A71 දැන් ශ්‍රී ලංකාවේ - A71 Unboxing - වීඩියෝ

වේගවත් ක්‍රියාකාරී සහ කාර්යක්ෂම OPPO A71 දැන් ශ්‍රී ලංකාවේ - A71 Unboxing - වීඩියෝ | OPPO A71 Review - Sri Lanka
Tue 03 October 2017 2:29 pm
272 views

නව විශේෂාංග රැසක් සමග වේගවත් A71 ජංගම දුරකථන මාදිලි පෙළ මෙරටට හඳුන්වා දීමට OPPO සමාගම පසුගියදා කටයුතු කළේය. මෙම නව කැමරා දුරකථනය Octa-Core CPU සමග 3GB RAM සහ 3000mAh බැටරිය වැනි අංග රාශියකින් සමන්විත වේ.

මෙහි ඇතුළත් ප්‍රොසෙසරය 'Octa-core' වර්ගයේ ප්‍රොසෙසරයක් නිසා එහි ක‍්‍රියාකාරීත්වය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වී ඇත. එමෙන්ම OPPO හි දියුණු ඡායාරූප තාක්ෂණය සමගින් මෙහි ඉදිරිපස කැමරාවට Beauty 4.0 තාක්ෂණය යොදා ඇති අතර පසුපස කැමරාවද සුපැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි සකස් කර තිබේ. ඉතාමත් අලංකාර, සිහින්, ලෝහමය 'Uni-body' ආකාරයට නිර්මාණය කර ඇති මෙම දුරකථන කළු සහ රන්වන් වර්ණ වලින් දිවයින පුරා විසිරුණු අලෙවිසැල් වලින් රු. 32,990 ක ආක්රෂණීය මිළකට ලබාගත හැකි වේ.

‘‘OPPO A71 ශ‍්‍රී ලංකාවේ දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. වේගවත් ක‍්‍රියාකාරීත්වයක් සහ තවත් විශේෂාංග රැසකට අමතරව ජීවිතයේ හොඳම අවස්ථා ඡායාරූපයට නගා ඒවා හිතමිතුරන් සමග බෙදාහදාගැනීම නිර්මාණශීලී තාක්ෂණය ගැන නම් දැරු OPPO දුරකථන පෙළක් නිසා OPPO A71 ශ‍්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා අප සිතනවා.’’ OPPO Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් සූ මහතා පැවසී ය.

Octa-Core CPU සහ 3000mAh බැටරි සහිත දුරකථනය

Octa-Core ප්‍රොසෙසරය සහ 3GB AM නිසා OPPO A71 ක‍්‍රියාකාරීත්වය වේගවත් ය. වැඩිදියුණු කළ 64bit Octa-Core CPU නිසා දුරකථනයේ අංග කිහිපයක් එකවර භාවිතා කිරීම සහ apps අතර මාරු වීම පහසු වී ඇත.

දුරකථනය භාවිතා කිරීමේදී එහි විවිධ අංග භාවිතා වන ආකාරය හඳුනාගෙන, ඒ අනුව ඡායාරූප ගැනීම, වීඩියෝ නැරඹීම සහ ක‍්‍රීඩාවල යෙදීම ආදියේදී වඩාත් වේගවත් හා පහසු ක‍්‍රියාකාරීත්වයක් ලබාදීමේ හැකියාව මෙම ප්‍රොසෙසරය සතු ය. කාඩ්පත් 3 ක් රැඳවිය හැකි ‘කාඩ් ට්‍රේ’ එක නිසා දුරකථනයේ පවතින 16GB ගබඩා ධාරිතාව 256GB දක්වා වැඩි කළ හැකි වේ. එමෙන්ම 3000 mAh බැටරිය බැටරිය දිගු කතා කාලයක් ලබාදෙයි.

මේ එම දුරකථනයේ විශේෂංග පිළිබඳව සවිස්තර වීඩියෝවයි...

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News