Citizen.lk
 
 

විස්සයි20 තරගයට පකිස්තානයට යවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසියක්

විස්සයි20 තරගයට පකිස්තානයට යවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසියක් | pakisthan
Thu 21 September 2017 11:37 am
2,583 views

 

පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යොමු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලිද සිල්වා මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරගයට ක්‍රීඩාකරනවාද යන්න පිළිබඳව වන තීරණය තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුරදී ගන්නා බවයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී

" ආරක්ෂක තත්ත්වය තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුළදී තක්සේරු කර තීරණයක් ගන්නවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරියෙකු පාකිස්තානයට යොමුකරනවා. තරගය පැවැත්වීමට සති දෙකකට පෙර අපේ ආරක්ෂක නිලධාරියෙක් පාකිස්තානයට යොමුකරනවා"

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙක, එක්දින තරග 5 හා විස්සයි20 තරග තුනෙන් දෙකක් මැද පෙරදිග පැවැත්වීමට නියමිතයි.


2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරගයකට ක්‍රීඩා කර නොමැත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News