Citizen.lk
 

කිරිබත්ගොඩ නගරයේ පිණ්ඩපාතයේ යෙදුණු භික්ෂූන් වහන්සේලාට පිටි කෑම - උණසුම් තත්වයක්

කිරිබත්ගොඩ නගරයේ පිණ්ඩපාතයේ යෙදුණු භික්ෂූන් වහන්සේලාට පිටි කෑම - උණසුම් තත්වයක් | kiribathgoda
Tue 19 September 2017 1:35 pm
8,853 views

 

කිරිබත්ගොඩ නගරයේ අද උදෑසන පිණ්ඩපාතයේ යෙදුණු භික්ෂූන් වහන්සේලා වෙත කිසියම් පිරිසක් සොසේජස් බනිස්, බිත්තර බනිස්, මාළු පාන් සහ රෝල්ස් ලබාදීමට කටයුතු කිරීමේ දී උණසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

සිල් රෙදි නඩුවේ වරද කරුවන් වු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවෙන් ඇප ලබා දීමට මුදල් එකතු කිරීම සඳහායි භික්ෂූන් වහන්සේලා මෙලෙස පිණ්ඩපාතයේ යෙදී ඇත්තේ.


මෙම පිණ්ඩපාත චාරිකාව ආරම්භ කෙරුණේ පසුගිය සිකුරාදා දිනයේදියි.

එහි එක් අදියරක් ලෙසයි කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් අද මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධාන කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ දී පොලීසිය මැදිහත් වී එය මැඬ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, මෙම පිණ්ඩපාත චාරිකාව වළක්වාලීමේ තනහම් නියෝගයක් ද පොලීසියේ ඉල්ලීම මත අධිකරණය මගින් නිකුත් කළා.

එය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීරට, සිසිර ජයකොඩිට සහ ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමියන්ට ලබාදුන් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News