Citizen.lk
OPPO
 

රහසේම chat කරන්න ෆේස්බුක් පහසුකමක් එයි?

රහසේම chat කරන්න ෆේස්බුක් පහසුකමක් එයි? | Facebook Messenger To Add
Wed 13 July 2016 8:46 am
13,778 views
ෆේස්බුක් පණිවුඩ රහසිගත ලෙස යැවීමේ පහසුකමක් මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරුට අවශ්‍ය පණිවුඩ අවශ්‍ය කාලයක් තුල පමණක් හෝ අවශ්‍ය උපාංගයක(දුරකථනයක) පමණක් දර්ශනය වන ආකාරයට පණිවුඩ හුවමාරු කරගැනීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇත. මෙම පහසුකම ෆේස්බුක් මැසෙන්ජර් හරහා භාවිත කළ හැකි වේ. එමෙන්ම එම පණිවුඩ ගබඩා වන්නේ ගිණුමේ හිමිකරුවා විසින් තෝරාගන්නා උපාංගයේ පමණක් වන අතර වෙනත් උපාංගයකින් එය ලබාගැනීමේ හැකියාවක් නැත. මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සෞඛ්‍ය සහ මුල්‍යමය රහස් විශ්වාසයෙන් යුතුව හුවමාරු කරගැනීමේ හැකියාව ඇතිකිරීම මෙන්ම ආදර සම්බන්ධතා සදහා රහසිගත හෝ පෞද්ගලික පණිවුඩ හුවමාරුවකට ඉඩ සැලසීම ලෙස සදහන් වේ. එමගින් තම ෆේස්බුක් ගිණුම වෙන කෙනෙක් අතට ගියද තම රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි. නමුත් මුල් අවධියේදී එම පහසුකම හරහා වීඩියෝ සහ GIF ඡායාරූප හුවමාරු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුහු පවසති. එමෙන්ම කිසියම් පුද්ගලයෙකු විසින් තම ගිණුම අනවසරයෙන් භාවිත කලත් එම පණිවුඩ බැලීමට නොහැකි වීම මගින් ආරක්‍ෂිත පණිවුඩ හුවමාරු කිරීමක් සිදු කල හැකිය. මුලින්ම මෙම පහසුකම සීමිත වශයෙන් ලබාදෙන අතර මෙම වසර අවසන් වීමට පෙර එම පහසුකම පුළුල් වශයෙන් ලබාදීමට හැකි වනු ඇතැයි එම ආයතනය පවසයි.
Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x