Citizen.lk
 
 

EL TORO මෙරට ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි

EL TORO මෙරට ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි | EL TORO Launches First Locally Manufactured Eco- friendly Ceiling Sheets
Tue 22 August 2017 5:18 pm
748 views

EL TORO Roofing සමාගම මෙරට ප‍්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවති උත්සවයකදී මෙම හඳුන්වා දීම සිදුකෙරිණි. St. Anthony’s සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන EL TORO Roofing සමාගම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගනිමින් උසස් ප‍්‍රමිතියෙන් යුත් සිවිලින් තහඩු සහ ඒ සම්බන්ධ අනෙකුත් උපාංග නිපදවයි.

මෑතකාලීනව ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ හරිත සංකල්පය බෙහෙවින් ප‍්‍රචලිත වූ අතර මේ වනවිට පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් පරිසර හිතකාමී ජීවන රටාවන්ට ගැළපෙන නිෂ්පාදන හා සේවාවන් අපේක්ෂා කරති. EL TORO Roofing සමාගම මෙසේ ප‍්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ එම ඉල්ලීම සපුරාලීමේ පියවරක් වශයෙනි.

සෙලියුලෝස් ෆයිබර්, පෝට්ලන්ඩ් සිමෙන්ති, පිරිසිදු කළ වැලි සහ ජලය මිශ‍්‍ර විශේෂ ෆයිබර් සිමෙන්ති සංයෝගයක් භාවිතයෙන් EL TORO සිවිලින් තහඩු නිපදවා තිබේ. මේ සඳහා සමාගම විශිෂ්ටතම ජර්මානු තාක්ෂණය භාවිතා කරන අතර ඊට අවශ්‍ය උපකරණ හා උපාංගද ජර්මනියෙන් ආනයනය කර ඇත. මෙසේ නිෂ්පාදනය කරනු ලබන සිවිලින් තහඩු පරිසර හිතකාමී බව, කල්පැවැත්ම, ශක්තිය, පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව සහ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීම යනාදී ගුණාංග වලින් සමන්විත වේ.

‘‘අප කවදත් හරිත ජීවන රටාවන් ප‍්‍රියකරන අය වෙනුවෙන් හරිත තාක්ෂණය භාවිතයෙන් හරිත නිෂ්පාදන නිපදවීමට කටයුතු කරන සමාගමක්. ජාත්‍යන්තරව පිළිගත් ජර්මානු තාක්ෂණය භාවිතා කරමින් අප මේ සිවිලින් තහඩු නිෂ්පාදනය කරන්නේ මුළුමනින්ම පරිසර හිතකාමී ලෙසයි. මෙම නිෂ්පාදන, ඉදිකිරීම් කටයුතු වලදී අපතේ යාම් අවම කරමින් බලශක්තිය ඉතිරි කරන අතර නිවැසියන් වඩාත් සමබර ජීවන රටාවක් වෙත යොමුකරවන නිෂ්පාදන ලෙස හැඳින්වීමට පුළුවන්.” EL TORO Roofing Products සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝජ් වීරමන් මහතා පැවසී ය.

‘‘ක්ෂේත‍්‍රයට ආදර්ශ සපයන සමාගමක් බවට පත්වීම අපගේ දැක්ම වී තිබෙනවා. උසස් තත්ත්වය, ඉහළම තාක්ෂණය සහ විශිෂ්ට සේවාව යන ගුණාංග සමග කාටත් පහසුවෙන් අපගේ නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමටත් අප කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම පරිසරයත් ප‍්‍රජාවත් රැකගැනීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීමටත් අප කටයුතු කරනවා.” වීරමන් මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News