Citizen.lk
 
 

එයා දැන් වයසයි, ඒ නිසා බෝල්වලට අපිට හොඳට බැට් කරන්න පුලුවන් - මාලිංග ගැන ධවාන් දැන් කියන කතාව

එයා දැන් වයසයි, ඒ නිසා බෝල්වලට අපිට හොඳට බැට් කරන්න පුලුවන් - මාලිංග ගැන ධවාන් දැන් කියන කතාව | Shikar Dhawan Speaks About Lasith Malinga
Tue 22 August 2017 8:43 am
10,128 views

ශ්‍රී ලංකා පිලේ වේග පන්දුයවන්නන් අතරින් වැඩිවශයෙන්ම විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නා වූ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වේගය අඩුව ඇති බව පසුගිය කාලය පුරාම බොහෝ දෙනෙකු අධ්‍යනය කර තිබුණා. මේ පිළිබඳව ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්ද අදහස් දක්වා තිබෙන අතර ඔහු පවසන්නේ මාලිංග තරමක් වයස්ගතවීම මෙයට හේතු වන්නට ඇති බවයි.

“මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ඔහු තරග රටා තුනේදීම ශ්‍රී ලංකාවට විශාල සේවයක් කර තිබෙනවා. නමුත් දැන් ඔහු තරමක් වියපත් වෙලා. ඒ නිසා ඔහුගේ පන්දුවල වේගය අඩු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට පිතිකරුවන් ලෙස ඔහුට පහර දෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒක ජීවන චක්‍රය. ශ්‍රී ලංකාව තරුණ කණ්ඩායමක්. ඔවුන් ඉන්නේ සංක්‍රාන්ති කාලයක. තරුණ කොල්ලන් දක්ෂයි නමුත් ඔවුන්ට කාලය ඕන”.

යැයි ධවාන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News