Citizen.lk
 
Citizen News Line
 

සුපිරි කොරියන් ක්‍රීඩක ජැනග් බයොන්ග් පරදා ශ්‍රි ලංකා වෙනුනෙන් රන් පදක්කම දිනාගත් බොක්සිං ක්‍රීඩක දිනිදු සපරමාදු - Photos

සුපිරි කොරියන් ක්‍රීඩක ජැනග් බයොන්ග්  පරදා ශ්‍රි ලංකා වෙනුනෙන් රන් පදක්කම දිනාගත්  බොක්සිං ක්‍රීඩක දිනිදු සපරමාදු - Photos | dinudu saparamadu
Mon 21 August 2017 3:03 pm
3,070 views

පසුගියදා තායිවානයේ පැවති තායිසිටි කුසලාන බොක්සිං තරගාවලියට සහභාගි වූ ර්ඒඉ බොක්සිං කණ්ඩායම නියෝජනය කරන දිනිඳු සපරමාදු එහිදී කිලෝග්‍රෑම් 64 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

එහිදී දිනිඳු සපරමාදු කොරියානු ක්‍රීඩක ජැන්ග් බයෝන්ග් හී සමග අවසන් තරගයට මුහුණ දුන් අතර තරගයේ දෙවන වටයේ දී සපරමාදුගේ දරුණු ප්‍රහාරයකට ගොදුරු වී බොක්සිං වළල්ල මත ඇදවැටුණු කොරියානු ක්‍රීඩකයාට නැවත තරගයට අවතීර්ණ වීමට නොහැකි විය. එබැවින් දිනිඳු සපරමාදුට පූර්ණ ජයග්‍රහණයක් ලැබිණි.

මීට පෙර ස්ලෝවේනියාවේ පැවති ජාත්‍යන්තර ට්‍රිබල් බොක්සිං තරගාවලියට සහභාගි වූ සපරමාදු එහිදී ද එම බර පන්තියේ රන්පදක්කම දිනා ගනිමින් එම තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබ සිටියේ ය.

ලබන අගෝස්තු 25 ජර්මනියේ හැම්බර්ග් නුවරදී ආරම්භ වන ලෝක ශූරතා බොක්සිං තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන දිනිඳු සපරමාදු එහිදී කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරගාවලියට එක්වීමට නියමිතය. එම තරගාවලිය අගෝස්තු 25 සිට සැප්තැම්බර් 2 දක්වා පැවැත්වෙන අතර දිනිඳු සපරමාදු හෙට දින ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News