Citizen.lk
 
 

රටේ නමට කළු පැල්ලමක් - දඹුල්ලේදී ක්‍රීඩකයින්ට හූ කියූ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින් - සංගක්කාරත් වීඩියෝවකින් ක්‍රීඩා ලෝලීන් අමතයි - වීඩියෝ

රටේ නමට කළු පැල්ලමක් - දඹුල්ලේදී ක්‍රීඩකයින්ට හූ කියූ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින් - සංගක්කාරත් වීඩියෝවකින් ක්‍රීඩා ලෝලීන් අමතයි - වීඩියෝ | Sri Lankan Fans Protest Over Match Loose
Mon 21 August 2017 11:13 am
29,579 views

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) පැවති පළමු එක්දින තරඟයෙන් පසුව කළහකාරීව හැසිරුණු ප්‍රෙක්ෂකයින් ක්‍රීඩා පිටිය මැදට පැමිණි සිය විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

මේ අවස්ථාවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට ඒ දෙස බලා සිටින ආකාරයද දැක ගත හැකි වුණු අතර ක්‍රීඩකයින්ට හූ කියමින් එම අවස්ථාවේ බොහෝ පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුල් වන්නටද උත්සාහ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන යෑමට පොලිසියට දැඩි ආරක්ෂාවක් යොදවන්නට සිදුවන අයුරු දැක ගත හැකි ව තිබූ අතර දිගින් දිගටම හිමිවන පරාජයන් රැල්ල අවසන් නොවීමත් , ඒවාට නිසි විසදුම් සෙවීමට බලධාරීන් හා ක්‍රීඩකයන් අසමත් වීමත් මෙලෙස ක්‍රීකට් රසිකයන් විරෝධතා ඇරඹීමට හේතූ වී ඇතැයි පැවසෙනවා.

මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යද පුවත් පළකර තිබුණු අතර ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන ESPNහි සඳහන්ව ඇත්තේ 50ක පමණ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගත් බස් රථයට හූ කියමින් කෑ ගසමින් විරෝධතා දැක්වූ බවයි.

මේ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරද වීඩියෝවක් මඟින් සියළු දෙනා සමඟින් එක්ව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ යුතු බවත් රට දිනවන්නට එකාවන්ව එක්වන ලෙසත් පවසමින් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x