Citizen.lk
 
 

ටොම් කෘස් හදිසි අනතුරකින් රෝහල්ගත කරයි - Mission impossible -6 මග නවතී - Video

ටොම් කෘස් හදිසි අනතුරකින් රෝහල්ගත කරයි - Mission impossible -6 මග නවතී - Video | tom Cruise
Thu 17 August 2017 10:52 am
1,676 views

 


ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස්, Mission impossible -6 නවතම චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් අස්ථි බිඳීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් චිත්‍රපටයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එහි නිෂ්පාදකයෝ පවසන්නේ.

චිත්‍රපටයේ ක්‍රියාදාම ජවනිකාවක උස් ගොඩනැගිලි දෙකක් අතරින් සිදුකරන පැනීමක් රූගත කිරීමට යාමේදී සිදුවූ මෙම අනතුරින් ටොම් කෘස්ගේ වළලුකර බිඳී ඇති අතර, පසුව වහාම ඔහු රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් පැරමවුන්ට් පික්චර්ස් සමාගම පවසන්නේ කිනම් භාධක පැමිණියත් මිෂන් ඉම්පොසිබල් - 6 චිත්‍රපටය 2018 ජූලි 27 වැනිදා එළිදැක්වෙනු ඇති බවයි.

හොලිවුඩයේ නළුවන් අතර ක්‍රියාදාම දසුන් තමන් විසින්ම රඟ දැක්වීමෙන් නමක් දිනූ අයෙකු ලෙස 55 හැවිරිදි වියේ පසුවන ටොම් කෘස් කීර්තියක් උසුලනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News