Citizen.lk
 
 

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවේ

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවේ | vehicle act
Wed 16 August 2017 4:33 pm
4,422 views

 

දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු අවම කර ගනිමින් මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ අරමුණින් රජය විසින් මෝටර් වාහන පනත සංශෝධනයට පියවර ගෙන ඇත.

අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළ කළා.

ඒ අනුව,

යෝජිත රියැදුරු අවාසි සහගත ලකුණු ක්‍රමවේදය, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලතල, මහේස්ත්‍රාත්වරුන් හා පොලිස් නිලධාරීන් වෙත පැවරීම, අන්තරාදායක රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන වාහන, හදිසි සේවා වාහන හා පොදු සේවා වාහන ධාවනය කරනු ලබන රියැදුරන් සතු විය යුතු විශේෂ සුදසුකම් ප්‍රකාශයට පත් කිරීම,


මෝටර් වාහන සඳහා අදාළ වේග සීමා නියාමනය, ස්ථානීය දඩ මුදල් සදහා විද්‍යුත් තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, ආබාධ සහිත තැනැත්තන් විසින් භාවිතා කරනු ලබන වාහන ඇතුළු විශේෂිත වාහන වර්ග ලියා පදිංචි කිරීම සඳහා නව වාහන පංති හඳුන්වා දීම හා මෝටර් වාහන පනතේ ප්‍රකාශිත දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය සංශෝධනය ආදී කරුණු රැසක් මෙම සංශෝධන වලට අදාල වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x