Citizen.lk
 
 

ශිරන්තිට දුන්න ඩිෆෙන්ඩරයේ දෙපාරක් පාටමාරු කරලා - වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදනී - රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරු පොලීසියට කියලා

ශිරන්තිට දුන්න ඩිෆෙන්ඩරයේ දෙපාරක් පාටමාරු කරලා - වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදනී - රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරු පොලීසියට කියලා | shiranthi defender
Wed 16 August 2017 10:00 am
9,332 views

 

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙහෙයවනු ලැබූ සිරිලිය සවිය වැඩසටහන සඳහා රතුකුරුස සංවිධාන විසින් ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථය අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිසිය පවසනවා.

සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථය මුලින්ම නිල් පැහැටත් පසුව කලූ පැහැයටත් වෙනස් කර ඇති අතර, එය නැවත දම් පැහැයට යළි වෙනස් කිරීමේ සූදානමක් තිබුණු බවට ද තොරතුරු අණාවරනය වී තිබෙනවා. මෙහි පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රතුකුරුස සංවිධානය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කිසිදු දැනුම්වත් කිරීමක් කර නැතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

හබරකඩ ප්‍රදේශයේ නිවසක පාට වෙනස් කළ ඩිෆෙන්ඩරයක් ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වන විට එය තිබී ඇත්තේ රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරුවකුගේ නිවසේ බවයි පොලිසිය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ප්‍රවාහන කළමනාකරු පවසා ඇත්තේ මෙම ඩිෆෙන්ඩරය සිරිලිය සවියට ලබා දී තිබුණු බවත්, එය යළි තම වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදන්නා බවත් ය.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය සමාජ සුභසාධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ආයතන කිහිපයක විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිරිලිය සවිය වැඩසටහන සඳහා වාහනයක් අවශ්‍ය බව හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගෙන් ඉල්ලා ඇතැයි ද, ඒ අනුව 2011 වසරේදී ෆීලික්ස් පෙරේරා මහතා හරහා ඩබ්ලිව් පී කේ ඒ 0642 අංක දරණ ඩිෆෙන්ඩරය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී ඇතැයි ද, එලෙස ලබා දෙන ඡායාරූප සොයා ගන් බව ද පොලිසිය පවසයි. වාහන ලබා දෙන අවස්ථාවේ එය සුදු පැහැයෙන් තිබී ඇත.

සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්, එය සී එස් එන් නාලිකාවේ ප්‍රධානියකුද භාවිත කර ඇති බවත්, 2015 ජනවාරි 20 වැනි දා වත තෙක් වාහන යෝෂිත රාජපක්ෂ මහතා යටතේ තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

වාහනය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යංශය හරහා ලබා දෙනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ඒ හේතුවෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර, එය යෝෂිත රාජපක්ෂ මහතා ද භාවිත කළ බවට තොරතුරු අණාවරනය වීම නිසා අද (16) යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය කිරීමට මෙම ඩිෆෙන්ඩර් රථය යොදාගෙන ඇද්දැයි පොලීසීය සොයා බලන බව ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News