Citizen.lk
 
 

අන්තිම බෝලේ වෙනකන් , අන්තිම තත්පරේ වෙනකන් , අන්තිම විකට් එක වැටෙනකන් උඹ උන් වෙනුවෙන් යුද්ධ කරා -මිත්‍රයා උඹ රියල්ම ක්‍රිකට් පිස්සෙක්

අන්තිම බෝලේ වෙනකන් , අන්තිම තත්පරේ වෙනකන් , අන්තිම විකට් එක වැටෙනකන් උඹ උන් වෙනුවෙන් යුද්ධ කරා -මිත්‍රයා උඹ රියල්ම ක්‍රිකට් පිස්සෙක්  | crazy cricket fans
Tue 15 August 2017 9:17 am
20,292 views

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ දින නිරත වූ බාලාංශගත පිති ප්‍රහාරය හමුවේ පල්ලකැලේ පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ සම්පූර්ණ දින දෙකක්‌ ඉතිරිව තිබියදී තේපානයට පෙර ඉන්දියාව හමුවේ ලකුණු 171 ක දැවැන්ත පරාජයකට ලක් වීමට සිදුවිය. ක්‍රිකටි ක්‍රීඩාවේ බිඳවැටීම පෙන්නුම් කරන ක්‍රීඩා විලාශයන් නිසා ශ්‍රි ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් දැඩි කනස්සලකට ලක් වී ඇත.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවති ටෙස්ට් තරඟය නැරඹීම සඳහා වෙනදා මෙන් ක්‍රීඩා ලෝලීන් පැමිණි සිටි අයුරු දක්නට නොලැබීය. නමුත් හදවතින්ම තවමත් ක්‍රීකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් සුළු පිරිසක් පරාජය වන බව දැන දැනත් ශ්‍රි ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීය. ඒ පිරිස අතරින් එක් පුද්ගලයෙක් කැපී පෙනෙන්ට වුයේ අවසාන කඩුල්ල දක්වා කැපවීමෙන් සහෝයගය දැක්වීම නිසාය එම පුද්ගලයා පිළිබඳව ෆේස් බුක් තැබූ සටහනයි මේ......

"මම දැක්කා අන්තිම බෝලේ වෙනකන් , අන්තිම තත්පරේ වෙනකන් , අන්තිම විකට් එකත් වැටෙනකන් උඹ උන් වෙනුවෙන් යුද්ධ කරා. ඒ මහන්සියට සාධාරණයක් නොවන බව දැන දැනත් ඔවුන්ව දිරිමත් කරා.. මිත්‍රයා උඹ රියල්ම ක්‍රිකට් පිස්සෙක්..

මමත් උඹ වගේ වෙනසකට තිබ්බෙ උඹ පැවිලියන් එකේ මම ටීවී එක ඉස්සරහ... පුරුද්දට වගේ අදත් අන්තිම බෝලේ වෙනකන් බැලුවා ඒත් උඹටවත් මටවත් සාධාරණයක් වුනේ නෑ. සාධාරණයක් කරන්න උන්ට ඕනා වුනාද කියන්න දන්නෙත් නෑ. ඒත් අපි උන්ව අතහැරියෙ නෑ. හෙටවත් සාධාරණයක් වේවි යැයි හිතාගන්නවත් බෑ ඒත් උඹ වගේම මමත් හෙටත් උන් වෙනුවෙන් බලාගෙන හිදීවී. නොයන වසන්තයට වඩා පුරුදු ඉඩොරයට හිත හුරු වුනත් ක්‍රිකට් අපෙන් ඈත් නොවි තිබුනොත් අපි ක්‍රිකට්වලින් කවමදාවත් ඈත් නොවේවි "

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x