Citizen.lk
 
 

නාගයකු දෂ්ට කළ මුනුපුරාව ආච්චි අම්මා රෝහලට ගෙන එද්දි - දෂ්ට කළ නාගයා අල්ලගෙන රෝහලට ආව සීයා සියල්ලම බිය කළ හැටි

නාගයකු දෂ්ට කළ මුනුපුරාව ආච්චි අම්මා රෝහලට ගෙන එද්දි -  දෂ්ට කළ නාගයා අල්ලගෙන රෝහලට ආව සීයා සියල්ලම බිය කළ හැටි  | kobra catching story
Mon 14 August 2017 11:43 am
28,444 views

තුන් හැවිරිදි මුනුපුරාට නයකු දෂ්ට කළ හෙයින් ආච්චි අම්මා ප්‍රදේශවාසීන්ද සමඟ මුනුපුරාව නාවලපිටිය රෝහලට රැගෙන ආ අවස්ථාවේ එම දරුවාගේ සීයා දෂ්ට කළ විශාල නාගයාව අල්ලා ප්ලාස්ටික් භාජනයකට දමා රෝහලට රැගෙන ඒමෙන් ඒ දුටු සියල්ලන් භීතියට පත් වී තිබේ.

වෛද්‍යවරු වහාම දරුවා පරීක්ෂාකොට බලා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට යවා පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයකු ගෙන්වා එම විශාල නාගයා අල්ලා ගෙන තිබේ.මෙම දරුවා ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර ඔහුගේ මවුපියන් දරුවා ආච්චි හා සීයා ළඟ තබා කිතුල්ගල ඥාති නිවෙසකට ගොස් තිබේ.
ඒ අතර දරුවා නිවෙස අසල දර මඩුව ළඟ සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයේ සිටි නයකු දෂ්ට කර ඇත.

ප්‍රදේශවාසීන් හා ආච්චි එක්ව දරුවා ලක්ෂපාන රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී එම රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය එක්ව මෙම දරුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන විත් තිබේ. සපා කෑ සර්පයා හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයා වෙත පෙන්වන එක සුදසුයි යන කරුණ සිහි වූ නිවෙසේ සිටි සීයා මහත් ආයාසයක් දරා එම විශාල නාගයා අල්ලා ගෙන ඇත.

කම්බියකින් තොණ්ඩුවක් සකසා නයාගේ බෙල්ලට දමා පසුව එම නයා විශාල ප්ලාස්ටික් බෝතලයකට දමා මෙසේ රෝහලට රැගෙන විත් ඇත්තේ ත්‍රිරෝද රියකිනි.
පිටතට පෙනෙන ප්ලාස්ටික් බෝතලය තුළ සිටින නයා දකින කවුරුත් බිය වී ඇති අතර දරුවා සමඟ එම නයාද මෙසේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

දරුවා බේරා ගැනීමට කටයුතු කළා සේ කම්බියට සිරවී සිටි නයා බේරා ගැනීමටද මෙසේ පශු වෛද්‍ය ඒකකයෙන් වෛද්‍යවරයකු කැඳවීමට සිදුවී තිබේ.
එම වෛද්‍යවරයා පැමිණ නයාගේ බෙල්ලේ තිබූ කම්බිය කපා ඉවත් කොට නයා බේරාගෙන ප්‍රතිකාර සඳහා රැගෙන ගිය අතර නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ජීවිත දෙකම බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සියලු දෙනාට ප්‍රශංසා කරන අයුරු දක්නට ලැබිණි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News