Citizen.lk
 
 

ඊජ්ප්තුවේ ඇලෙක්සැන්ඩියා නුවරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 45 දෙනෙක් ජීවිතක්ෂයක්ට පත්වෙයි - Photos

ඊජ්ප්තුවේ  ඇලෙක්සැන්ඩියා නුවරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 45 දෙනෙක් ජීවිතක්ෂයක්ට පත්වෙයි - Photos | Egypt trains collide in Alexandria killing dozens
Sat 12 August 2017 9:48 am
1,389 views

උතුරු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩියා නුවරට නුදුරින්, දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 120 ඉක්මව ගොස් තිබේ.

එක් දුම්රියක් කයිරෝ අගනුවර සිට සෙයිඞ් වෙරළ නගරය බලා ධාවනය වෙමින් තිබුණු බවද පැවැසෙයි. එය මගීන්ගෙන් පිරී තිබුණි. අනතුර සිදුවූයේ ඊජිප්තු වේලාවෙන් දහවල් 2.15 ට පමණය. රියදුරන්ගේ නොසැලකිල්ල නිසා අනතුර සිදුවුණැයි ඊජිප්තු ප්‍රවාහන ඇමැති හිස්ෂාම් අරෆාත් පවසා ඇත.

අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඊජිප්තු දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ මෑත ඉතිහාසයේ ඊජිප්තුවේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර මෙය බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

හමුදාවේ ද සහාය ඇතිව තුවාලකරුවන් රෝහල් ගත කෙරුණි. දුම්රිය මැදිරි පොඩිපට්ටම් වී ඒවා තුළ සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි.

බී.බී.සී. වාර්තාකරණය

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News