Citizen.lk
 
 
OPPO

නේපාලයේ කාන්තාවන්ට හිමි "චෞපඩි" තහනම් කරයි

නේපාලයේ කාන්තාවන්ට හිමි
Fri 11 August 2017 2:30 pm
15,435 views

 

ඔසප් වීමේදී කාන්තාවන් සිය නිවෙස් වලින් මඩුවකට පිටමං කිරීම නේපාල සමාජයේ මුල්බැස ගෙන ඇති සාමාන්‍ය සිරිතක්ව පැවතුන ද එම සිරිත සාපරාධී වරදක් කෙරෙන නව නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙන බවයි විදෙස් වාර්ථා පෙන්වා දෙන්නේ.

එම පුරුද්ද කෙරෙහි නේපාල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණේ ඔසප් වූ කාන්තාවන් දෙදෙනකු නිවසින් පිටත මඩුවක නිදා ගනිමින් සිටියදී අධික ලෙස රුධිරය වහනය වී මරණයට පත්වීමත් සමඟයි.

පසුගිය වසරේදී ද මේ ආකාරයෙන් කුඩා මඩුවකට පිටමං කළ 15 හැවිරිදි දැරියක් ද මියගොස් තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News