Citizen.lk
 
 

එදා පන්දුවෙන් දස්කම් පෑ උපුල් චන්දන ක්‍රීඩා භාණ්ඩ විකුණමින් අද ඉන්න තැන

එදා පන්දුවෙන් දස්කම් පෑ උපුල් චන්දන ක්‍රීඩා භාණ්ඩ විකුණමින් අද ඉන්න තැන | Former Sri Lankan cricketer Upul Chandana runs a shop to meet ends
Thu 10 August 2017 11:12 am
24,086 views

1992 දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන දඟ පන්දුයවන්නෙකු වූ උපුල් චන්දන මේ වනවිට ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩා භාණ්ඩ වෙළදසැලක් මේ අනුව ඔහු පවත්වාගෙන යන අතර එය පිහිටා ඇත්තේ Nondescripts ක්‍රීඩා සමාජය අසලයි.

එහි ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ආම්පන්නවලට අමතරව ටෙනිස් වැනි ක්‍රීඩාවන්ටද අවශ්‍ය උපකරණ අලෙවිය සඳහා තබා තිබෙනවා. මෙම වෙළඳසැල ආරම්භ කිරිමේ අදහස කුඩා කළ සිටම උපුල් ගේ සිතේ තිබී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතර මුහුණදුන් අත්දැකීමක් බවටයි විදෙස් වෙබ් අඩවියකට ඔහු පවසා අත්තේ.

''පොඩි කාලේ මම ගාල්ලේ සෙල්ලම් කරද්දි එක බෝලෙකින් අපි මාසයක් ක්‍රිකට් ගැහුවා, අපිට ලොකුවට සල්ලි තිබ්බේ නෑ වගේම බෝලයක් ගන්න ඒ දවස්වල හරිහමන් කඩයක් තිබුණෙත් නෑ, එකපාරක් මම බෝලේ අතට ගද්දි ඒකට කෑලි දෙකකට කැඩෙන්න ඔන්න මෙන්න වගේ, එදා තමයි මම හිතුවේ කවදා හරි දවසක මම ලොකුවෙලා ක්‍රීඩා භාණ්ඩ තියෙන කඩයක් දානවා කියලා''

උපුල් චන්දන විදෙස් මාධ්‍යට වැඩිදුරටත් එලෙසින්ද පවසා තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x